කළු ගඟේ වැලි ගොඩ දමන තැන් තීරණය දෙසැ: මස | දිනමිණ

කළු ගඟේ වැලි ගොඩ දමන තැන් තීරණය දෙසැ: මස

උපාලි කරුණාරත්න

ගංගාවන්හි වැලි ගොඩ දැමිය යුතු ස්ථාන පිළිබඳ මෙම දෙසැම්බර් මාසයේ තීරණය කරන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් සිසිර කුමාර මහතා පැවසීය.

ලේකම්වරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (11) සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිණි.

කලු ගඟේ පානීය ජලය ලබා ගන්නා කෙත්හේන ස්ථානයට මුහුදු ජලය ගමන් කිරීම පිළිබඳව මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බවත් එම තත්ත්වය වැළැක්වීමට කුමන හෝ බාධකයක් ඉදි කිරීම පිළිබඳ සාකච්ඡා වෙමින් පවතින බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

වැලි ගොඩ දැමීමද මුහුදු ජලය ගංගාවන් දිගේ ගමන් කිරීමට හේතුවන බව ප්‍රකාශ කළ ලේකම්වරයා ඒ පිළිබඳව අමාත්‍යාංශය අධ්‍යයනයක් ආරම්භ කර ඇති බවද පැවසීය. ඒ අනුව ගංඟා වළින් වැලි ගොඩ දැමිය හැක්කේ කුමන ස්ථාන වලින්ද යන්න තීරණය කරන බවද ලේකම්වරයා කීය. එවිට අනෙකුත් ස්ථාන වල වැලි ගොඩ දැමීම නැවැත්වීමට සිදුවන බවද ප්‍රකාශ කළේය. කලු ග‍ගේ ජලය පිරිසිදු කරන ස්ථානය වෙනත් ස්ථානයකට යාම පිළිබදව සාකච්ඡා පැවැත්වෙන බවද ලේකම්වරයා පැවසීය. කලු ගගේ ගංවතුර තත්ත්වයන් නිරන්තරව ඇතිවන නිසා මුහුදු ජලය යාම වැලැක්වීමට බාදකයක් ඉදිකිරීමේදී ඉතා කල්පනා කාරී විය යුතු බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

නව අදහස දක්වන්න