කථානායක කරු ජයසුරිය ඉන්දීය ජනපති හමුවෙයි | දිනමිණ

කථානායක කරු ජයසුරිය ඉන්දීය ජනපති හමුවෙයි

ඉන්දීය ධුත මෙහෙවරක නිරත කථානායක කරු ජයසුරිය මහතා ප්‍රමුඛ ශ්‍රී ලාංකික නියෝජිතයන් ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ද්මහතා හමුවූහ. ක‍ථානායකවරයා ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස ඉතා සුහදව පිලිගත් ඉන්දීය ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඉතා සමීප ,දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉදිරියටද තහවුරු කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අංශයකින්ම සහය වීමට ඉන්දියාව පසුබට නොවනු ඇතිබව අවධාරණය කෙළේය. එමෙන්ම කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරු ඇතුළු පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දීය කථානායිකා සුමිත්‍රා මහාජන් මහත්මිය හමු වූ අතර ඇය සමඟ ඉන්දීය ලෝග් සභාවේ නියෝජිතයන් රැසක් ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සමඟ සාකච්ඡාවට එක්වූහ. ශ්‍රී ලංකා කථානායකවරයා ඇතුළු පිරිස වෙනුවෙන් ඉන්දීය කථානායකවරිය විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනැමුවාය

 

නව අදහස දක්වන්න