ජොන්ස්ටන්ට ලක්ෂ 38ක භාණ්ඩ නිකුත් කරලා | දිනමිණ

ජොන්ස්ටන්ට ලක්ෂ 38ක භාණ්ඩ නිකුත් කරලා

හිටපු සමුපකාර ඇමැති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි රුපියල් ලක්ෂ 38 වටිනාකමකින් යුත් ආහාර ද්‍රව්‍ය තොගයක් සතොස ආයතනයේ චක්‍රලේඛවලට පටහැනිව සතොස ශාඛා 03කින් නිකුත් කැර ඇති බව ලංකා සතොස හිටපු ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරි මනෝජ් ලක්නාත් බොතේජු මහතා කුරුණෑගල මහාධිකරණයේ සාක්කි ලබාදෙමින් ඊයේ (11) පැවසීය‍.

මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ සාක්ෂි මෙහෙයවීම සිදුවිය. හිටපු සමුපකාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමක් උඩ සතොස ආහාර ද්‍රව්‍ය කුරුණෑගල දිස්ත්‍රික්කයේ සතොස ශාඛා 3කින් නිකුත් කළ බැව් ලංකා සතොස ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරි මනෝජ් ලක්නාත් බොතේජු මහතා ඊයේ (11) කුරුණෑගල මහාධිකරණයේදී සාක්කි දෙමින් කියා සිටියේය.

මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ විභාගවූ මෙම නඩුවේ චූදිතයින් වන හිටපු සමූපකාර හා අභ්‍යන්තර කටයුතු ඇමැති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති කේ. එම්. ආර්. ප්‍රනාන්දු සහ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් රාජ් මොහොදින් මොහමඩ් රාජ් යන අයට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන මූල්‍ය වංචා ඒකකය මගින් මෙම නඩුව නඩු අංක H.C. 08/2016 යටතේ ගොනුකර තිබුණි.

පැමිණිල්ලේ නීතිඥ රජයේ නීතිඥ රොසාන් අබේසූරිය මහතා නැඟු ප්‍රශ්නවලට උත්තර දුන් සාක්කිකරු කරුණෑගල යන්තම්පලාව සතොස ශාඛාවෙන් රුපියල් ලක්ෂ 38කට ආසන්න ආහාර ද්‍රව්‍ය නිකුත් කොට තිබෙන බවත්, මෙම ආහාර ද්‍රව්‍ය නිකුත් කර තිබෙන්නේ සතොස ආයතනයේ චක්‍රලේඛනවලට පටහැනිව බවත් කුරුණැගල දිස්ත්‍රික්කයේ දිළිදු පවුල්වල ජනතාවට බෙදා දීමට යැයි කියමින් මෙම අත්‍යවශ්‍ය ආහාර ලබා ගෙන තිබෙන බවත් වැඩිදුරටත් සාක්කි දුන් සතොස හිටපු ගණකාධිකාරි බොතේජු මහතා අධිකරණය ඉදිරියේ කියා සිටියේය.

කුරුණෑගල මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න