පුද්ගලයන් 90ක් රැගත් බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට | දිනමිණ

පුද්ගලයන් 90ක් රැගත් බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට

විජයානි එදිරිසිංහ

පුද්ගලයන් 90 දෙනකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් විදෙස් රටකට පලායාමට කළ උත්සාහයක් ව්‍යර්ථ කරමින් නාවික හමුදාව ඊයේ (11) පෙරවරුවේ මීගමුවට බටහිර මුහුදේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. එක් කාන්තාවක් සහ පිරිමි 89 දෙනකුගෙන් සමන්විත මේ පිරිස රැගත් බහුදින යාත්‍රාව සැකකටයුතු ලෙස හැසිරෙන තත්ත්වයක් නාවික හමුදා නිරීක්ෂණවලට හසුවී තිබුණි. ඒ අවස්ථාවේ නාවික හමුදා නිරීක්ෂණ නෞකා දෙකක් බහුදින යාත්‍රාව වටකර එය අත්අඩංගුවට ගෙන ඇත. එහි සිටි පිරිස සමඟ යාත්‍රාව ඒ අවස්ථාවේ කොළඹ වරායට රැගෙනවිත් ඇති අතර ‍ඊයේ පස්වරුවේ ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කැරගනිමින් තිබුණි. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් පොලිසියට බාරදීමට නියමිතව තිබුණි.

නව අදහස දක්වන්න