මහනුවර රෝහලේ ඇට මිදුලු බද්ධ සැත්කම් අප්‍රේල් සිට | දිනමිණ

මහනුවර රෝහලේ ඇට මිදුලු බද්ධ සැත්කම් අප්‍රේල් සිට

ඉන්ද්‍රාණි තෝරදෙණිය

ලබන අප්‍රේල් මාසයේ සිට ඇට මිදුලු බද්ධකිරීමේ සැත්කම් මහනුවර මහ රෝහලේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කැර තිබේ.

මේ සඳහා රුපියල් මිලියන එක්දහස් දෙසිය පනහක වියදමින් මහල් අටකින් යුත් අංග සම්පූර්ණ ගොඩනැඟිල්ලක් ඉදිකොට ඇත.

ලේ බැංකුවක් සහ නවීන මුළුතැන්ගෙයක්ද මේ තුළ පිහිටා ඇත.

එක දිනක් තුළ හය දෙනෙකු සඳහා ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් මෙහි තිබේ.

තැලසිමියා රෝගීන් සියයක් පමණ දැනට මහනුවර මහරෝහලෙන් ප්‍රතිකාර ලබන අතර ලංකාව පුරා දහසකට අධික ප්‍රමාණයක් ප්‍රතිකාර ලබති. මෙම රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ඇටමිදුලු බද්ධය සාර්ථකව සිදුකර උපරිම සේවාවක් මෙම රෝහල තුළින් ලබාදීමට කටයුතු කරන බව මහනුවර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

නව අදහස දක්වන්න