කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ගොඩනැඟිලි සංකීර්ණය හෙට ජනතා අයිතියට | දිනමිණ

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ගොඩනැඟිලි සංකීර්ණය හෙට ජනතා අයිතියට

සන්ධ්‍යා කරුණාරත්න

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ රුපියල් මිලියන 230ක වියදමින් ඉදි කළ ගොඩනැඟිලි සංකීර්ණය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ අතින් හෙට (13) විවෘත කෙරේ.

රජයේ ප්‍රතිපාදන යටතේ මේ ඉදිකිරීම් සිදු කර ඇති අතර මේ ඉදිකිරීම් ජනසතු කිරීමත් සමඟ අංග සම්පූර්ණ රෝහලක් බවට ද සොයිසා කාන්තා රෝහල පත් වේ.

විශේෂ සත්කාර ළදරු ඒකකය, නව ජන්ම දැඩි සත්කාර ඒකකය, ලේ බැංකුව සහ රසායනාගාරය යන අංශවලින් නව ගොඩනැගිල්ල සමන්විතය.

මෙතෙක් කල් පැවති මේ අඩුපාඩුව වත්මන් ආණ්ඩුව යටතේ සම්පූර්ණ කිරීමෙන් අලුත උපදින රෝගී දරුවන්ට ඉක්මන් ප්‍රතිකාර ලබාදීමට හේතු වන බවත් එමගින් දරුවන්ගේ ජීවිතවලට වැඩි වටිනාකමක් ලැබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහස වෙයි.

මේ ගොඩනැගිල්ල ජනසතු කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති ෆයිසාල් කාසීම් මහතා ද සහභාගි වෙයි.

නව අදහස දක්වන්න