අගමැතිගේ වියට්නාම සංචාරය | දිනමිණ

අගමැතිගේ වියට්නාම සංචාරය

වියට්නාම් අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස ඊයේ (11) වියට්නාම අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ. අග්‍රාමාත්‍යවරුන් ප්‍රමුඛ නියයෝජිත්‍ පිරිස ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අයුරු සහ සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ අග්‍රාමාත්‍යවරු ප්‍රමුඛ නියෝජිතයන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසින්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න