මුහුදු අශ්වයින් ළඟ තබාගෙන සිටි චීනා අත්අඩංගුවට | දිනමිණ

මුහුදු අශ්වයින් ළඟ තබාගෙන සිටි චීනා අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව වියලන ලද මුහුදු කූඩැල්ලන් හා මුහුදු අශ්වයින් තොගයක්අපනයනය කිරීම සදහා ළඟ තබාගෙන සිටි චීන ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
මීගමුව කිඹුලපිටිය ප්‍රදේශයේ නිවසක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත.
 
මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත්තේ ඊයේ(11) සවස 06.05ට පමණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
සැකකරු සතුව තිබී වියළන ලද මුහුදු අශ්වයින් කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම් පන්සියයක් සහ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 34 කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට හැකිව තිබේ.
 
සැකකරු වයස අවුරුදු 27 ක චීන ජාතික පුද්ගලයෙකි. ඔහුව අද දින(12) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීහටෙ නියමිතය. මීගමුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

නව අදහස දක්වන්න