ගෝඨාභය CIDයෙන් පිටත්වේ - UPDATE | දිනමිණ

ගෝඨාභය CIDයෙන් පිටත්වේ - UPDATE

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ දැන් පිටත් වී තිබේ.

ඒ ඔහු විසින් පැය 03කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුවයි.

ගෝඨාභය CIDයට පැමිණේ - UPDATE

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අද (12) පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව වාර්තාවේ.

ඒ, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව කර තිබූ දැනුම් දීමකට අනුවය.

 

නව අදහස දක්වන්න