හැරී - මේගන් ඔස්ට්‍රේලියාවට යෑමට සූදානම් | දිනමිණ

හැරී - මේගන් ඔස්ට්‍රේලියාවට යෑමට සූදානම්

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් කුමරිය ලබන මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවන බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කර ඇත.
 
ඔවුන් දෙදෙනාගේ ප්‍රථම ඔස්ට්‍රේලියානු නිල සංචාරය වන මෙහිදී ඔවුන් Dubbo, Melbourne සහ Fraser දූපත් වල නැවතීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.
 
හැරී කුමරු සහ මේගන් කුමරිය පැසිෆික් කලාපයේ සති තුනක සංචාරයක් සඳහා ඔක්තෝබර් 16 වන දින ඔස්ට්‍රේලියාවට ගොඩබැසීමට නියමිත අතර එහිදී ෆිජී දූපත්, ටොන්ගා දූපත් සහ නවසීලන්තයටද යාමට නියමිත බව සදහන් ය.
 
නව රාජකීය යුවලව පිළිගැනීමට තමන් ඉතා උනන්දුවෙන් බලා සිටින බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය  ස්කොට් මොරිසන් පවසයි.
 

නව අදහස දක්වන්න