කුසගින්නෙන් පෙළෙන සංඛ්‍යාව ඉහළට | දිනමිණ

කුසගින්නෙන් පෙළෙන සංඛ්‍යාව ඉහළට

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියයි

කුසගින්නෙන් පෙළෙන සංඛ්‍යාව පසුගිය වසර තුන තුළ ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් අනාවරණය කරයි. 2017 වසරේ දී ලෝකයේ මිලියන 821 ක පමණ පිරිසක් මන්දපෝෂණයෙන් පෙළුණු බව එම වාර්තාවේ සඳහන් වේ. එය සෑම පුද්ගලයන් 09 කට එක් අයකු බව එක්සත් ජාතීන් පවසයි. මේ අතරින් මිලියන 151 කට ආසන්න සංඛ්‍යාවත් වයස අවුරුදු පහට අඩු ළමයින්ය. එය ගෝලීය එකතුවෙන් 22%කි.

මේ වාර්තාව සකස් කෙරූවන් පවසන්නේ මේ තත්ත්වය සඳහා කාලගුණික ගැටලු ද බලපා ඇති බවයි. වහාම ගෝලීය වශයෙන් මේ සඳහා ගත යුතු බව ද ඔවුහු අවධාරණය කරති.

මේ අතර ස්ථුලතාව ද ඉතා වේගයෙන් ඉහළ යන බව එම වාර්තාව පෙන්වා දෙයි. එය සෑම පුද්ගලයන් 08 දෙනකුටම එක් අයකු ලෙස බවත් සංඛ්‍යාත්මකව නම් මිලියන 672කට වැඩි බවත් එමගින් අනාවරණය කරයි.

නව අදහස දක්වන්න