රුසියාවේ දැවැන්ත හමුදා අභ්‍යාසය නැඟෙනහිර සයිබීරියාවේ දී | දිනමිණ

රුසියාවේ දැවැන්ත හමුදා අභ්‍යාසය නැඟෙනහිර සයිබීරියාවේ දී

සීතල යුද්ධයෙන් පසු රුසියාවේ පවත්වන දැවැන්තම හමුදා අභ්‍යාසය "Vostok-2018" නැඟෙනහිර සයිබීරියාවේ දී ආරම්භ විය. ඒ සඳහා ලක්ෂ තුනක පමණ සේවා සාමාජිකයින් එක් වන බව රුසියානු මාධ්‍ය අනාවරණය කර තිබුණි‍.

"Vostok-2018" සඳහා චීනයෙන් 3,200ක හමුදා භටයන් සමඟ ආයුධ සන්නද්ධ රථ සහ ගුවන් යානා එක් වන අතර මොංගෝලියාවෙන් ද ඒකක සහභාගි වේ.

රුසියාව අවසාන වරට මෙවන් අභ්‍යාසයක් පවත්වා ඇත්තේ 1981 වසරේ එනම් සීතල යුද්ධය අතරතුරය. එහෙත් "Vostok-2018" සඳහා ඊට වඩා වැඩි භට පිරිසක් සහභාගි වේ. මේ යුද අභ්‍යාසය ආරම්භ වීමත් සමඟ රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් සහ චීන ජනාධිපති ෂි- ජිනපින්ග් ව්ලැදිවොස්ටොක් නගරයේ පැවැත්වෙන සමුළුවක දී මුණ ගැසුණු අතර එහිදී පුටින් කියා සිටියේ දේශපාලන, ආරක්ෂාව සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ විශ්වාස සම්බන්ධතාවක් ඔවුනොවුන් අතර තිබෙන බවයි. ක්‍රෙම්ලින ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෙව් පැවසුවේ මේ අභ්‍යාසය රුසියාව දෙසට "ආක්‍රමණශීලී හා අපක්ෂපාතී" ආකල්පයක් ලබාදුන් බවයි.

නව අදහස දක්වන්න