තවත් හමුවක් විමසමින් කිම් ජොන්ග්ගෙන් ට්‍රම්ප්ට ලිපියක් | දිනමිණ

තවත් හමුවක් විමසමින් කිම් ජොන්ග්ගෙන් ට්‍රම්ප්ට ලිපියක්

උතුරු කොරියානු නායක කිම් ජොන්ග්- අන් විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත උණුසුම් ලිපියක් යොමු කරමින් තවත් හමුවක් පිළිබඳව විමසා ඇති බව ධවල මන්දිරය පවසයි.

දෙරටේ නායකයින් දෙදෙනා අතර සිදු වූ ‍ඓතිහාසික හමුවෙන් පසු නව හමුවක් පැවැත්වීම සඳහා කාලසටහන් සකස් කරමින් සිටින බව අමෙරිකාව වැඩිදුරටත් සඳහන් කරයි.

ධවල මන්දිර ප්‍රකාශක සාරා සැන්ඩර්ස් පවසන්නේ එය ඉතාමත් උණුසුම් ලිපියක් බවයි. එමගින් උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ දැක්වූ එකඟතාවයේ තව දුරටත් සිටින බවට පැහැදිලි වන බව ද සැන්ඩර්ස් පවසයි.

එම ඓතිහාසික හමුව පැවැත්වුණේ පසුගිය ජූනි මාසයේ සිංගප්පූරුවේ දීය. කිම්ගේ ලිපියේ මූලික අරමුණ ජනපති ට්‍රම්ප් සමඟ නව හමුවක් සහ ඊට කාලසටහනක් සකස් කිරීම ඉල්ලා සිටීමයි. ලිපිය ලැබෙන විටත් ඒ පිළිබඳ කටයුතු සිදු වෙමින් පවතින බව පවසන සැන්ඩර්ස්, තවමත් ඔවුන්ගේ දෙවැනි හමුව පැවැත්වෙන ස්ථානයක් පිළිබඳ තවමත් තීරණයක් නැති බව සඳහන් කරයි.

මේ අතර දකුණු කොරියානු ජනාධිපති මූන් ජෙයි- යින් හා කිම් ජොන්ග්- අන් අතර තුන්වැනි හමුව ලබන සුමානයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

නව අදහස දක්වන්න