දියර කිරි කුමන්ත්‍රණය | දිනමිණ

දියර කිරි කුමන්ත්‍රණය

වසන්ත ප්‍රිය රාමනායක

රටේ පාසල් ළමුන්ගෙන් 1/3ක් පෝෂණ ඌනතාවයකින් පසුවන බව අලුත්ම සමීක්ෂණ වාර්තා සඳහන් කරයි. දියර කිරි පෝෂණය වඩවන ආහාරයක් ලෙසින් ද උපයෝගී කරගත හැකි බව අමුතුවෙන් කිවයුතු නැත. අපේ මුතුන් මිත්තෝ දරුවනට උදේ ආහාර වේල පිළියෙළ කිරීමේ දී කිරි වීදුරුවක් ලබාදීමට අමතක නොකළහ. පසුකලෙක පිටිකිරිවලට මාරු වූයේ එම පුරුද්ද බව පෙනේ.මේ සියලු තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුවැනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන පාසල් ළමුන් 17 ලක්ෂයක් වෙනුවෙන් උදෑසන කිරි වීදුරුවක් හෙවත් කිරි පැකට්ටුවක් ලබාදීමට තීරණයක් ගෙන තිබේ. ඒ පිළිබඳව එතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණි.

අතීතයේ පිටිකිරි භාවිතයක් ගැන අප අසා තිබුණේ නැත. එහෙත් කාලයාගේ ඇවෑමෙන් යටත් විජිතකරණය සමඟින් අපේ රටේ ද පිටිකිරි භාවිතය ඇරඹිණ. ඒ සමඟම දියරකිරි භාවිතය ග්‍රාමීය ප්‍රදේශවලට පමණක් සීමා වූ බව පෙනේ.

අප නිදහස ලබා වසර 72ක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් වගකීමකින් යුතුව බරට කල්පනා කරන බවක් නොපෙනේ. එසේ වූයේ නම් පිටිකිරි ආනයනය සඳහා පමණක් ශ්‍රී ලංකාව වසරකට ඩොලර් මිලියන 400ක් වැය කරන්නේ නැත. මෙහි වසරින් වසර වැඩිවීමක් මිස අඩුවීමක් ද දක්නට නොලැබේ. එහෙත් දේශීය කිරි නිෂ්පාදනයේ වැඩිවීමක් දක්නට ලැබේ. මේ වනවිට එය ජාතික අවශ්‍යතාවයෙන් 42%ක සැපයීම් මට්ටමක් දක්වා වර්ධනය වී ඇත. මේ වන විට දියර කිරි ලීටර් මිලියන 400ක් රට තුළ නිපදවේ. එහෙත් ඉන් 10%ක් අපතේ යන තැනට වැඩ කටයුතු සිදුවෙමින් පවතී. ඊට හේතුව බෙදාහැරීම් ජාලයේ පවතින දුර්වලතාය.

මෙවන් පසුබිමක රටේ පාසල් ළමුන්ගෙන් 1/3ක් පෝෂණ ඌනතාවයකින් පසුවන බව අලුත්ම සමීක්ෂණ වාර්තා සඳහන් කරයි. දියර කිරි පෝෂණය වඩවන ආහාරයක් ලෙසින් ද උපයෝගී කරගත හැකි බව අමුතුවෙන් කිවයුතු නැත. අපේ මුතුන් මිත්තෝ දරුවනට උදේ ආහාර වේල පිළියෙළ කිරීමේ දී කිරි වීදුරුවක් ලබාදීමට අමතක නොකළහ. පසුකලෙක පිටිකිරිවලට මාරු වූයේ එම පුරුද්ද බව පෙනේ.

මේ සියලු තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුවැනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන පාසල් ළමුන් 17 ලක්ෂයක් වෙනුවෙන් උදෑසන කිරි වීදුරුවක් හෙවත් කිරි පැකට්ටුවක් ලබාදීමට තීරණයක් ගෙන තිබේ. ඒ පිළිබඳව එතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණි. 1-5 ශ්‍රේණි අතර කිරි පැකට්ටුවක් ලබා දීම මෙම වැඩපිළිවෙළේ ප්‍රථම පියවර වන අතර දෙවන පියවර ලෙස අනෙක් ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

මුල් අදියර සඳහා වැය කිරීමට බලාපොරොත්තු වන වියදම රු. බිලියන 2.7කි. (රු. ද.ල. 2700කි.)මින් අරමුණු කීපයක් සාක්ෂාත් කරගැනීමට ද බලාපොරොත්තු වේ. දියරකිරි භාවිතය ප්‍රචලිත කිරීම, ළමා මන්දපෝෂණය අඩුකර ගැනීම, දියර කිරි නිෂ්පාදකයින් බලගැන්වීම ආදී කාරණා රැසක් මෙමඟින් ඉටුවේ.

මෙය ග්‍රාමශක්ති ව්‍යාපාරයේ වැඩපිළිවෙළක් ලෙසින් ක්‍රියාවට නැඟීමට නියමිතය. සාමාන්‍යයෙන් 10%ක් ලෙසින් අපතේ යන දේශීය දියර කිරි ද මේ සඳහා උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වේ. එසේම ග්‍රාමශක්ති වැඩපිළිවෙළට අයත් කිරි නිෂ්පාදන වෙනුවෙන් වෙළෙඳපොළ දේශීය වශයෙන් සැකසෙන නිසා මෙය ග්‍රාමශක්ති වැඩපිළිවෙළට ද ශක්තියක් වනු ඇත. මෙය වසර 5ක සැලසුමක් ලෙසින් ක්‍රියාවට නැඟේ.

මේ නිසා දැනට සිටින කිරි ගොවීන්ට අමතරව තවත් දහස් ගණන් දියර කිරි නිෂ්පාදනයට එක්වනු ඇත. රටේ සමස්ත ආනයනයෙන් 2%ක් ලෙසින් සැලකෙන කිරිපිටි ආනයනය අඩු කරමින් 1% දක්වා හෝ අඩුකර ගැනීම මේ වැඩපිළිවෙළේ දීර්ඝකාලීන අරමුණයි. දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීමෙන් තොරව ආනයනික කිරිපිටිවල සීමාවක් ඇති කිරීම ප්‍රායෝගික නොවේ.

පාසල් ළමුන්ට නිකුත් කිරීමට බලාපොරොත්තු වන කිරිපැකට්ටුව සෞඛ්‍යය ආරක්ෂිත ඉහළ ප්‍රමිතියකින් යුත් පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් සිදුකරනු ලබන නිෂ්පාදනයකි. දැනට පෞද්ගලික අංශයේ වෙළෙඳසල්වල අලෙවි වන දියර කිරි නිෂ්පාදනයන්හි ප්‍රශ්නයක් පැන නැගී නොමැත. පාසල් ළමුන් සඳහා මෙම නිෂ්පාදන නිකුත් කිරීමේ දී වඩාත් ප්‍රවේශම්කාරී අයුරින් එම කටයුත්ත ඉටු කිරීමට දැනටමත් අදාළ බලධාරීහු කටයුතු කරමින් සිටිති.

මේ දිනවල පිටරටින් ගෙන්වන ලද කිරි ගවයින්ගේ රෝගකාරක තත්ත්වයක් ගැන සමහරු මාධ්‍යයට හරහා ප්‍රශ්නයක් මතු කරමින් සිටී. මෙය මේ මොහොතේම ප්‍රවෘත්තියක් ලෙසින් ඉදිරිපත්වන්නේ මන්දැයි කියන්න දන්නේ නැත. එහෙත් එහි කිසිදු සත්‍යතාවයක් නැතැයි නියෝඡ්‍ය අධ්‍යක්ෂ පශු සම්පත් වෛද්‍ය ඩී.එන්.එස්.ගමගේ මහතා සඳහන් කරයි.

‘‘මේ කාරණයේ සත්‍යය බිංදුවයි” යැයි සඳහන් කරන නි.අධ්‍යක්ෂකවරයා ප්‍රශ්නය මතුකරන අය මේ විෂය පිළිබඳව විද්‍යාත්මක හෝ තාක්ෂණික දැනුමකින් තොරවූවන් බව සඳහන් කිරීමටද අමතක නොකරයි.

“දැනට ලංකාවට ගෙනා ගවයින්ට මෙවැනි රෝගී තත්ත්වයක් වාර්තා වී නැහැ අපට නොවූ ඔස්ෙට්‍රිලියාවේ පර්යේෂණ ආයතනවලටවත් කුඩා පැටවුන් පිළිබඳව අනාවැකි කිව නොහැකියි”.

වෛද්‍ය කේ.පී.පී.භද්‍රලතා - පශූ සම්පත් පර්යේෂණ ආයතනය

මෙය දියර කිරි ප්‍රචලිත කිරීමේ වැඩසටහන හා රජය අපහසුතාවයට පත්කිරීමට කළ වැඩක් වීමටද ඉඩ තිබේ. එසේම ජාත්‍යන්තර අත්දැකීම්වලට අනුව පිටිකිරි ජාවාරම්කාරයින්ගේ කුමන්ත්‍රණ නැතුවා නොවේ. ඊට සමහර රටවල උපයෝගී කරගනු ලබන්නේ ආණ්ඩු විරෝධී රැඩිකල් වාමාංශික මතධාරීහුය. ඔවුහු ඉලක්ක කරගන්නේ දියර කිරි පැකැට්ටුවයි.

මෙවන් පදනම් විරහිත ප්‍රකාශ මඟින් දියර කිරි පැකැට්ටුව පිළිබඳව අවිශ්වාසයක් හා භීතිකාවක් ඇතිකරලීමට කාගේ හෝ කොන්තරා‍ත්තුවකට සමහරු පෙළඹෙන්නේ දැයි කියන්න දන්නේ නැත. විෂයට අදාළ විද්වතුන් හා තාක්ෂණික ශිල්පීන් තමන්ගේ මතය ඉදිරිපත් කර ඇත. මේවා පිළිබඳ සොයා බැලීම අදාළ බලධාරීන්ගේ වගකීමකි.

 

නව අදහස දක්වන්න