මේ සතිය ඔබට කොහොමද? | දිනමිණ

මේ සතිය ඔබට කොහොමද?

සැප්තැම්බර් මස 12 සිට සැප්තැම්බර් මස 18 දක්වා

මේෂ
ඥාතීන් හා ගැටුම්

වෘත්තීමය කටයුතු ලිහිල්ව පවත්වාගෙන යන්නේ නැත. තම අධිපති බලය, අභිමානය ආදිය පෙන්වයි. ගෘහස්ත ගැටුම් සහ ඥාතීන් සමඟ ගැටුම් ද ඇතිවිය හැක. පාසල් අධ්‍යාපනයට අහිතකර සතියකි. උසස් අධ්‍යාපනයට එතරම් හානියක් නැත. තම සේවා ස්ථානයේ පෙරමුණ ගනු ලබයි. තම සහෝදර සේවකයන්ගේ උවමනා එපාකම් සොයා බලයි. හවුල් ව්‍යාපාරවල ප්‍රගතියක් පෙන්වයි. සෙම ආශ්‍රිත රෝග ඇතිවිය හැක.

වෘෂභ
නීති ගැටලු

අසල්වැසියන් හා සුහද සම්බන්ධතාවක් නොපෙන්වයි. ඥාතීන් හා ගැටුම් ඇතිවිය හැක. තම සේවා ස්ථානයේ සුහදතාව වර්ධනය කර ගනී. මුදල් භාරකාරත්වයක් ලැබේ. පාසල් අධ්‍යාපනයට බාධා ඇතිවේ. උසස් අධ්‍යාපනයට ද බාධා අවහිරතා ඇතිවිය හැක. විදේශ ගමන්වලදී බාධක, කල්යෑම්, අවලංගුවීම් ඇතිවේ. ව්‍යාපාරිකයන් මේ සතියේ ආයෝජනවලට පෙළඹේ. නීති ප්‍රශ්නවලට මැදිවිය හැක. රුමෙටික් ආබාධ ඇතිවන බැවින් ප්‍රවේසම්වන්න.

මිථුන
කලාවට සුබයි

ගමනාගමන පහසුකම් ලබයි. අසල්වාසීන් හා සුහදතාව ගොඩනැඟේ. ව්‍යාපාරිකයින්ට වාසිදායක තත්ත්වයක් ගෙන දෙන සතියකි. කලා ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට හිතකර කාලයකි. රාජකාරි කටයුතුවල දිග්ගැස්සීම්, කල්යෑම් ආදිය සිදුවිය හැක. ඥාතීන් හා ගැටුම් ඇතිවේ. ගිවිසුම් අස්සන් කිරීම්වලට හිතකරය. ලේ විෂවීම් ආදිය සිදු වේ.

කටක
දුර ගමන් යෙදේ

බොහෝ කාර්යයන් කල්යෑම් දිග්ගැස්සීම්වලට භාජනය වේ. කෙටි ගමන් මෙන්ම දුර ගමන් සඳහා ද ගමනාගමන පහසුකම් ඇතිවිය හැක. පරිපාලනයේදී වාසිදායක තත්ත්වයක් ඇතිවේ. ගෘහස්ත සුව පහසුව ලබයි. පාසල් අධ්‍යාපනයට හිතකර සතියකි. බලාපොරොත්තු වන විදේශීය ගමන් යා හැක. මඟුල් තුලා කටයුතුවලට සුබ නැත. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට ඉස්මතුවිය හැකි අවස්ථාවකි. රුධිර පීඩනය ඇතිවේ.

සිංහ
නායකත්වය දරයි

නායකත්වය, අභිමානය ගැන හැඟීම් ඇතිවේ. ආදායම් ලැබීම් පිළිබඳ කටයුතුවලදී ක්‍රියාශීලී වෙයි. ප්‍රවාහන වියදම් වැඩිය. ස්ත්‍රී පාර්ශ්වයෙන් සහයෝගය ලබයි. ප්‍රතිවාදීන් අභිබවයි. ව්‍යාපාරිකයින්ට වාසිදායකය. ඉඩම් පිළිබඳ ගැටලුවලදී තමාට හිතකර තත්ත්වයක් උදාවේ. තම සේවා ස්ථානවල නායකත්වය දරයි. රුමෙටික් ආබාධ ඉස්මතු වේ.

කන්‍යා
පියා සමඟ ගැටුම්

විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට යම් වාසියක් අත්වේ. අය පක්ෂය යහපත්ය. කලාවේ නිරතවූවන්ට ඉස්මතු විය හැක. තම අභිමානය පෙන්වයි. පාසල් අධ්‍යාපනයට අවහිරතා ඇත. උසස් අධ්‍යාපනයට බාධා අඩුය. පියා සමඟ මෙන්ම ආයතන ප්‍රධානීන් හා ගැටුම් ඇතිකර ගනී. හදවත් රෝග, ළය පීනස ඇතිවේ.

තුලා
උපකාර ලබයි

වෘත්තීමය කටයුතු සාර්ථකය. පරිපාලනමය කටයුතු ද සාර්ථකභාවයක් පෙන්වයි. ප්‍රතිවාදීන් හා සම්මුතිවලට එළැඹේ. ව්‍යාපාරිකයන්ට සුබ කාලයකි. අධ්‍යාපනයට හිතකරය. මඟුල් තුලා කටයුතුවලට සුබ අවස්ථා යෙදේ. කලාකරුවන්ගෙන් උපකාර ලබයි. ව්‍යාපාර සඳහා ආයෝජන යොදයි. වකුගඩු රෝග, රුධිර පීඩනය ගැන පරීක්ෂාකාරී වන්න.

වෘශ්චික
පුණ්‍ය කටයුතු

වෘත්තීමය කටයුතු සාර්ථකය. උසස්වීම් හා වේතනය වැඩිකර ගැනීමට හොඳ අවස්ථාවකි. ප්‍රභූන්ගෙන් උපකාර ලබයි. දුරබැහැර සංචාර, පුණ්‍ය කටයුතු සඳහා වියදම් කරයි. සුඛෝපභෝගී දෑ සඳහා මහන්සි වී කටයුතු කරයි. ප්‍රවාහනය සඳහා අතිරේක වියදම් පෙන්වයි. මිතුරන්ගෙන් හා වැඩිහිටි සහෝදරයන්ගෙන් උදව් ලබයි. රුමෙටික් ආබාධ ඇතිවේ.

ධනු
මුදල් වාසි

ස්වඋත්සාහයෙන් බොහෝ කාර්යයන් කළ හැකි සේම ඒවායේ සාර්ථකත්වයක් ද පෙන්වයි. ගුරු ශනියේ උපස්ථානයේ මේ දිනවල ගමන් කරන බැවින් මුදල් වාසි ද ඇත. තම සේවා ස්ථානයේ මූලිකත්වය ගනී. කැපවීමෙන් වැඩ කරයි. අන් අය වෙනු‍ෙවන් වියදම් කරයි. විදේශ ගමන් යෙදේ. අසල්වැසියන් වෙනුවෙන් පරිත්‍යාගශීලීව කටයුතු කරයි. රුධිර දෝෂ ඇතිවේ.

මකර
ව්‍යාපාර දියුණුවේ

ආදායම් වාසි රඳවා ගැනීමට අපහසු වේ. හවුල් ව්‍යාපාරවලදී ප්‍රගතියක් ඇත. හදිසි මුදල් වාසි ද ඇත. කලාවේ නිරතවූවන්ට හිතකර කාලයකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් යම් බාධා ඇතිවේ. පෙම්වතුන්ට යම් යම් බාධා කිරීම් ඇතිවුවද ආත්ම ශක්තිය වැඩිවෙයි. අපේක්ෂිත විදේශ ගමන් යෙදේ. විදේශ මූලාශ්‍රවලින් ලබන ආදායම්වලද වැඩිවීමක් පෙන්වයි. දියවැඩියාව ඉස්මතු වේ.

කුම්භ
මංගල කටයුතු

යෙදූ ආයෝජනවල ප්‍රතිඵල ලැබේ. අපේක්ෂිත විදේශ ගමන් යෙදේ. වෘත්තීමය මාරුවීම් සිදුවිය හැක. අධ්‍යාපනයට හිතකර සතියකි. විශේෂයෙන් ම උසස් අධ්‍යාපනයට සුබ වේ. රෝහල් ගතවීම් ඇත. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට හිතකර කාලයකි. මඟුල් කටයුතුවලට යෝග්‍යය. සෙම් රෝග ඇතිවිය හැක. ප්‍රවේසම් වන්න.

මීන
ප්‍රභූ ඇසුර

වෘත්තීමය කටයුතුවලට සහ ව්‍යාපාර, ස්වාධීන ව්‍යාපාරවලට හිතකරය. අපේක්ෂා කරන විදේශ ගමන් යා හැක. ආයෝජන ප්‍රතිලාභ ලබයි. හදිසි ධන වාසි ඇත. අපවාද ලබයි. විදේශ ගමන්, ප්‍රමාදවීම්, කල්යෑම්වලට පාත්‍ර වේ. පාසල් අධ්‍යාපනයට හිතකර සතියකි. උසස් අධ්‍යාපනය සාමාන්‍ය මට්ටමින් පවතී. කොන්ත්‍රාත් ව්‍යාපාරය ආදියට සුබය. ප්‍රභූන් හා දේශපාලනඥයින් හා ඇසුරට වැටේ. සෙම් රෝග ඇතිවේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න

නව අදහස දක්වන්න