මේ ළමයා කොහෙන්දෝ රෝස කැලෙන් ඇහින්දෝ... | දිනමිණ

මේ ළමයා කොහෙන්දෝ රෝස කැලෙන් ඇහින්දෝ...

පිරිමි ළමා අපයෝජනය තුළ දී ඉතා අමානුශීය ලෙස ළමයි යොදාගත් අවස්ථා ඇත. සමහර ළමයින්ට මළපහ කරගැනීමට වත් නොහැකි වූ අවස්ථා අප අධ්‍යනයෙන් හෙලිවිය. පිරිමි ළමුන් මුඛ සංසර්ගය ගුද මාර්ග සංසර්ග සදහා යොදාගෙන ඇත. ඔවුන් සමහර දෙනෙක් සමලිංගිකත්වය සදහා පෙළබිම ද නිරායාසයෙන් සිදු වේ. එම ප්‍රවේගකාරී තත්වය රටක සංවර්ධනයට විශාල බලපෑමකි.

ළමයා යන වචනය මටසිලුටු ළයාන්විත පුදුමාකාර ආලින්දයකින් යුතු වචනයකි. දෙමාපියෝ දරු සෙනෙහසින් සැනසුම් සුසුම් හෙළන තරම් ලොව අන් කිසිවක් නැති තරම්ය. දාරක ප්‍රේමය ලේ මස් නහර ඇට මිඳුළු දක්වා කිඳා බැස ඇති බව ආගම් තුළ උගන්වා ඇත. දරුසුරතල් හමුවේ මින්සුන් සුරතල් වෙන අන් කිසිවක් නැති තරම්ය. මා අද කියන්න යන්නේ ළමයින් ගණිකා වෘත්තියේ යොදවන්නේ කොහොමද කියලා රහසිගතව සොයා ගත් තොරතුරු ආශ්‍රයෙනි. මේ සඳහා තොරාගත් ප්‍රදේශයන් කිහිපයක් ඇසුරිනි. කොළඹ, කොටුව, පිටකොටුව, ගල්කිසස, මොරටුව, හලාවත, මීගමුව, කළුතර, බෙන්තොට, හික්කඩුව, උණවටුන, තංගල්ල, බණ්ඩාරවෙල, නිලාවේලී, බදුල්ල නගර, අනුරාධපු, ආදී ප්‍රදේශ තුළ මා ගවේශනය කර සොයාගත් තොරතුරු විශාල ප්‍රමාණයක් සංශිප්ත කර කියමි. ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය පවතිනා රටක් හැටියට ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්ව ඇත. නමුත් ළමා ගණීකාවන් සඳහා ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ ඉන්දියාව තායිලන්තය පිලීපිනය වැනි රටවල් නීත්‍යානූකූලව ලියාපදිංචි කර ඇත. ඒ රටවල් වල ළමා ගණිකාවන් ලක්‍ෂ ගණන් සිටිති. නමුත් ලංකාව තුළ ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයකි.

ළමයා යන්නට අර්ථදීම තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්ථදක්වන්නේ ළමයා යනු අවුරුදු 18 අඩු තැනැත්තා හෝ තැනැත්තිය බව කියා ඇත. නමුත් අපේ රටේ සම්මත නීතිය අනුව අවුරු 16 ට අඩු පිරිස ළමයි ලෙස පිළිගෙන ඇත.

පොදුවේ ගණිකාව යන්න ගත් සැනින් අපට මතක් වෙන්නේ ගැහැනු ගණිකාවන්ය. නමුත් පිරිමි ගණකාවන් ද සිටිති. මුහුදු බඩ ආශ්‍රිත පිරිමි ළමා ගණිකා සෙවනය සේම සමලිංගික සේවනය ද ඉතා ඉහළ ඉල්ලුමකට අලෙවි වේ. කුඩා ගැහැණු පිරිමි දෙපාර්ශයම ඉතා අධික මිළ ගණන් වලට අලෙවි වේ. විදේශීයකයන් බොහෝ දෙනෙක් පිරිමි ළමයි සඳහා ඉහළ මිළක් ගෙවති. කුඩා ගැහැණු දරුවන් සඳහා ලංකාවේ ලොකු ලොකු ව්‍යාපාරිකයන් ඉතා ඉහළ මිළකට තැරව් කරුවන්ගෙන් මිළ දී ගනිති. කුඩා දරුවන් මේ සඳහා යොදා ගන්නේ

01 රවටා ගැනීමෙන්

02 බලහත් කාරයෙන්

03 පැහැරගෙන විත්

04 දෙමාපියන් විසින් බලහත් කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවිම.

05 දෙමාපියන් නොමැතිව අසරණ වූ දරුවන්

06 මාවත්වාසී ළමයි.

මට පසුගිය දිනක නුගේගොඩ හතේ කණුව ප්‍රදේශයේ දී තරුණ වයසේ පසුවෙන ගණිකාවන් කිහිපදෙනෙක් ම හමුවිය. මා ඔවුන් සමග කතා බහ කිරීමට සහ මා කෙරෙහි විශ්වාසයක් ඇති කර ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. කෙසේ හෝ ඔවුන් සමග කුළුපග වී අදහස් දැනගැනීමට මා උපක්‍රමශීලි විය. ඔවුන් ඉතා සිත් ගන්නා සුළු තරුණ යුවතියන් වයස අවුරුදු 17. 16. 18. 21. 20 යන වයස්වල පසුවන්නන්ය. මොවුන් සියලු දෙනා අධික ලෙස මත්පැන් භාවිතයට පුරුදුව සිටියි. එම තරුණියන් සියලු දෙනා බාල වයස් සමයේ දීම අපයෝජනයන්ට ලක්වූවන්ය. විවිධ අවස්ථාවන් වලදී පිරිමි කාන්තා දෙපාර්ශයෙන්ම අපයෝජනයන්ට ලක් ව ඇත. එතැන සිටි එක් තරුණියක් පළමුව අපයෝජනයට ලක්ව ඇත්තේ පාසල් යන සමයේම ඇය නැවතිසිටි බොඩිං කාමරයේම සිටි වැඩිහිටි කාන්තාවකි්නි. එසේම අනිකුත් තරුණියන් නොයෙක් අවස්ථාවල දී විවිධ පුද්ගලයින් අතින් අපයෝජනයට ලක්ව ඇත. ඉන් පසු ඔවුන්ගේ ජීවිත ඉච්ඡා භංගත්වයට පත්වීම මත ගණිකාව කියකන තත්වයට පත්ව ඇත. එසේ වීම සඳහා

01 ආර්ථික අපහසුතා

02 පහසුව සහ විනෝදය

03 වැඩි මුදලක් ඉපැයීම

04 සමාජ පරිසරය

05 අවශ්‍යතා වැඩිවීම

06 ආර්ථික නව්‍යකරණය

07 නිසි මාර්ගය පෙන්වීම සඳහා පිරිසක් නොවීම

යම් හෙයකින් අපයෝජයට ලක් වූ විට සමාජ විසින් ඇය හෝ ඔහු දෙස යොමු කරන අවධානය ඉතා පහළ මට්ටමක පවතින නිසා නිතැතින්ම ගණීකාව යන නාමය පටබැදීම නිසා තමාට අත්විය යුතු වෙනත් යමක් නොමැති බව සිතයි. එම සිතිවිල්ල ඇය හෝ ඔහු බිදුන පෞෂත්වය මත අපගාමී චර්යාවන් ඇත්තෙකු බවට පත්වේ.

එක් තරුණ යුවතියක සමග කථා කළ විට ඇය දවසකට වියසම් කරණ මුදල අවම වශයෙන් රුපියල් 9000 ත් 12000 දහසත් අතර මුදලක් වැය වෙන බව පැවැසීය. ඔවුන් නිරතුරුවම චිත්තාකර්ශනීය ලෙස ඉහළ පැලැන්තිවල තරුණියන් බව පෙන්වීමට උත්සුක වේ. එතුලින් ඔවුන් වෙළඳාම සරු කර ගන්න උපක්‍රමශීලී වේ. සමහර තරුණියන් සමාජ අවමාන හමුවේ අසරණ කමට මුලාවී ගණිකා වෘත්තියේ යෙදෙන අවස්ථා ද ඇත. මාගේ හදවත සසල වන අවස්ථාවකට මුහුණ දීමට සිදුවිය එනම් ඈ ඉතා රූබර පිරිපුන් දුටුවන් වශී කරවන තරුණියකි. ඈ බදුල්ල සිට කොළඹට පැමිණ ඇගලුම් හලක සේවයට පැමිණෙන්නේ ගෙදර ආර්ථික අපහසුතා මෙන්ම තම මවට වැලදී තිබෙන හෘදයාභාදයට අවශ්‍ය බෙහෙත් මිළ දී ගැනීමට කාසිපනම් නොමැති නිසාය. ටික දවසක් යන විට ඈ සමග මාතර ප්‍රදේශයේ තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවක් පටන් ගෙන ඇත. ඈ විවාහ කර ගන්න බව එම තරුණයා පවසා ඇත. විශ්වාසය දිනාගැනීමෙන් පසු දිනක් ඇය කැදවාගෙන හොටලයකට ගොස් ඇත. දින කිහිපයක්ම එලෙස ඇය සමග හොටයට ගොස් ඇත. දිනක් එම තරුණයා සුපුරුදු හෝටලයට ගොස් ඇයට නිර්වින්දන බෙහෙත් වර්ගයක් දී ඔහුගේ යහළුවෝ 6 ක් සමග ඇය දූෂණය කර ජංගම දුරකථන මගින් විඩියෝ කර ඇත. මේ ගැන කාටහරි කියලා තිබුණෙත් විඩියෝ පට අන්තර් ජාලයට මුදාහරින බව පවසා ඇය බිය ගන්වා ඇත. පසුව ඔවුන් විඩියෝ පට පෙන්වා බියකර දිගටම දුෂණය කර ඇත. ඇයවත් නොදැනුවත්ම ඇය ගණිකා වෘත්තියට පත්ව ඇත. ඈ පවසන්නේ ගාර්මට් එකක වැඩ කර මාසේටම රුපියල් 30000 ක් හොයනවා කියමු මේකෙන් මට තිස්දාහ දවසෙන් හොයාගන්නවා. ඉතින් අරකට වැඩිය මේක හොදයි කියලා හිතෙනවා. සාමාන්‍යයෙන් ගණිකා වෘත්තියේ යෙදෙන සෑම කාන්තාවක් තුළම එම හැගීම ඇති වීම සාමන්‍ය දෙයක් බව අධ්‍යයනයේ දී පැහැදිලි විය.

1980 න් පසු ළමා ගණිකා වෘත්තිය ව්‍යාපාරයක් හැටියට ප්‍රචලිත වීමේන් ඉක්බිතිව බොහෝ දෙනා මේ ගැන අවධානය යොමු කළහ. ඒ අතරින් ටිම් බොන්ඞ් නැමැති පුද්ගලයා කළ පර්යේෂණයකින් අනාවර්නය කළේ කොළඹ නගරයේ පමණක් පිරිමි ගණිකාවන් 2000 ක් ඇතැයි පවසා ඇත. මේ පිළිබඳ අවධානය යොමු කරණ මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ද පවසා ඇත්තේ 1994 වන විට කොලඹ නගරය ආසන්නයේ පමණක් පිරිමි ගැහැනු ළමා ගණිකාවන් පමණක් 503 ක් හමුවී ඇති බවයි. එමෙන් මීගමුව ප්‍රදේශයේන් ළමා ගණිකාවන් 95 ක් හමුවී ඇති බව මහාචාර්යවරයා පවසා ඇත.

නුතනය වන විට ළමා ගණිකාවෝ ඉතා වර්ධනීය තත්වයක් දැකිය හැකිය. ඉතා ඉහළ මිළකට අලෙවි වන ළමා ගණිකාවෝ ගැනුම් කරුවන් ද ඉතා රුචි කත්වයක් දක්වති. දුප්පත් පවුල්වල දරුවන් යම් අපයෝජනයකට ලක් වූ විට එතැන් පටන් දිගටම අපයොජනයට ලක්වෙනවා මිස ඉන් මිදිමට හෝ නෛතිකමය පසු බිමකට යෑමට උත්සුක නොවේ. එයට හේතු වශයේන් අධ්‍යනයේ දී පැහරදිලි වූයේ නීතියට ඇති බිය සහ නොදන්නා කම (වැටහීමක් නොමැති බව) මූලිකම හේතුව විය. එමෙන් ම තමන් ට ඇති ආර්ථික අපහසුතා මත ද එවැනි අපයෝජන යටගැසු අවස්ථා අනන්තවත් අපට හමුවිය. විශේෂයෙන් වතුකරයේ සහ මුහුදු බඩ ප්‍රදේශවල මෙවැනි අවස්ථා දක්නට ලැබේ. සමහර අවස්ථාවන් වලදී නීතිය ක්‍රීයාත්මක කරණ ආයතනවලට ගිය මුත් එම ආයතන පවා එම සිදුවීම් විමර්ශනය නොකර පලවාහැරී අවස්ථා ද නැත්තටම නොවේ.

මා සොයා ගත් ඉතා වැදගත් සාධක කිහිපයක් ඇත ඒ අතරින් කුඩා පිරිමි ළමුන් සදහා අලෙවිය වැඩිපුර සිදු වන්නේ හික්කඩුව නිලාවැලි ගල්කිස්ස උණවටුන වැනි ප්‍රදේශ පිරිමි ළමා ගණිකාවන් සදහා වැඩි ඉල්ලුමක් ඇති ස්ථානයන්ය. විශේෂයෙන් ම විදේශිකයන් සඳහා පිරිමි ළමයින් ලබා දීමෙන් වැඩි මුදලක් ගෙවනු ලැබේ. එක් ළමයෙකු සඳහා රුපියල් 15000 ත් 23000 ත් අතර මුදලක් ගෙවනු ලැබේ. විදේශිකයන් කුඩා ළමුන් සමහර අවස්ථාවල දී මිළ දී ගනු ලබන්නේ දින ගණන්වලටය. දින 5 ක් 10 ක් 3ත් 2 වැනි කාලයන් සදහා මිළ දී ගනු ලැබේ. ගණිකා වෘත්තියේ යෙදෙන ළමයා සඳහා සොච්චම් මුදලක් ලබා දීම ගනුදෙනු කරුගේ ක්‍රමයයි. දින 5 සඳහා එක් ළමයකුට ලබා දී තිබුණේ රුපියල් 5000 කි. මා සොයාගත් තොරතුරු අනුව දින 5 කට තැරවු කරුවන් විසින් ගණදෙනු කරුගෙන් රුපියල් 35000 ත් 50000 ත් අතර මුදලක් ලබා ගනී. ළමයින්ගේ (ශාරීරික) ස්වරූපය අනුව මිළ ගණන් ඉහළ පහළ යා හැකිය. මනා දේහයකින් (බොල) යුක්ත ළමයින් සදහා වැඩි මුදලක් ගෙවනු ලැබේ.

කුඩා ගැහැනු ළමුන් සඳහා නුගේගොඩ, හික්කඩුව, බණ්ඩාරවෙල, පිටකොටුව, කොටුව, ගුණසිංහපුර ආමර්වීදිය, කොටහේන, ගාලුමුවදොර හා බම්බලපිටිය ආදී ප්‍රදේශ සුප්‍රසිද්ධය. වයස අවුරුදු 15 ත් 19ත් අතර වයසේ කුඩා ගැහැණු ළමුන් දැකගත හැකිය. ඔවුන් සදහා විදේශිකයන් සේම ලාංකිකයන් ද මිළ දී ගනී. බොහෝ අවස්ථාවන් වලදී ලාංකිකයින්ගෙන වැඩි ඉල්ලුමක් ඇත. විශේෂයෙන් ආයතන ප්‍රධානීන් සේම ලොකු ලොකු ව්‍යාපාර කටයුතු කරණ පිරිස් ළමා ගණිකාවන් සදහා වැඩිපුර පෙළඹෙති. සමහර පිරිමි කුඩා ගැහැණු ළමයි දුටු සැනින් උන්මත්තකයින් වගේ හැසිරුණු අවස්ථා මා සියසින් දැක ඇත. ඔවුන් කුඩා වයසේ ගණිකාවක් මිළ දී ගැනීම සඳහා ඕනම මුදල් ප්‍රමාණයක් වැය කරති. තැරව් කරුවන් ඒ බව දැනගත් පසු මිළ සුත්‍රය ඉහළ දමන්නට පසු බට නොවෙති. මිළ සුත්‍ර ඉහළ දමන්න මා ද සහය වූ අවස්ථා ඇත. ඇතැම් විට මධුවිත බොතල් දෙක තුනක සංග්‍රහයන් ද ලැබේන අවස්ථා ඇත.

දිනක් බණ්ඩාරවෙළ ප්‍රදේශයේ ගැහැණු ළමයෙක් දෙමාපියන් සමග අමනාප වී කොළඹට පැමිණ ඇත. ඇය කොළඹට පැමිණෙන්නේ කොළඹ පිළිබඳ කිසිදු දැනීමකින් තොරවය. ඇය කොළඹට පැමිණ රුකියාවක් ඉල්ලන්නේ ත්‍රීවිල් රථ රියදුරකගෙනි. ත්‍රීවිල් රථ රියදුරා ඇයට රුකියාක් දෙන බව පවසා නුගේගොඩ කැදවාගෙන අවේය. පාන්දර 2 ත් 3 අතර වගේ කාලයේ දී නුගේගොඩට ගෙනවිත් ගෙදරක රදවා ඇය සමුහ දුෂණයකට ලක්විය. ඇය ඒ වන විටත් නොදැන සිටියා ඇයට මොනවද මේ වෙන්න යන වග අවසානයේ දී සල්ලාලයන් අතර ඇය අසරණ විය. ඇය අවුරුදු 17 ක් පුරාවට රැගෙන ආ පතිවෘත්තාව මත් ලොලීන් පිරිසක් පැහැර ගැනීමට සමත් වූ අතර පාන්දර 5.30 ට පමණ ඇය බදුලු බස් රථයක නංවා නැවත පිටත් කර හැරියාය. හය හතර නොතෙරෙන දරුවන් මෙවැනි තත්වයට පත් වූ පසු ඇයට සමාජයෙන් එල්ලවන ඉරණම කුමක්ද?

පිරිමි ළමා අපයෝජනය තුළ දී ඉතා අමානුශීය ලෙස ළමයි යොදාගත් අවස්ථා ඇත. සමහර ළමයින්ට මළපහ කරගැනීමට වත් නොහැකි වූ අවස්ථා අප අධ්‍යනයෙන් හෙලිවිය. පිරිමි ළමුන් මුඛ සංසර්ගය ගුද මාර්ග සංසර්ග සදහා යොදාගෙන ඇත. ඔවුන් සමහර දෙනෙක් සමලිංගිකත්වය සදහා පෙළබිම ද නිරායාසයෙන් සිදු වේ. එම ප්‍රවේගකාරී තත්වය රටක සංවර්ධනයට විශාල බලපෑමකි.

ළමා ගණිකා වෘත්තිය ඉතා සංවිධානාත්මක පිරිසක් විසින් මෙහෙය වනු ලබන බිස්නස් එකක් බව පර්යේෂණයේ දී තහවුරු විය. මාගේ පර්යේෂණය අනාවර්ණය වූයේ ළමා ගණිකා ව්‍යාපාරය සදහා ධනවත් පුද්ගලයන් සම්බන්ධ වී ඇති බවයි. ඔවුන් විසින් තැරව්කරුවන් යොදා කරවන සහ මෙහෙය වීම සදහා ළමයි යොදාගැනීම ද සිදු කරයි. ඔවුන් පළමුව ගෙයක් මිළ දී ගනියි. දැඩි ආරක්‍ෂාවක් සහිත දරුවන් බලෙන් ම ගෙනවිත් ඒ ගෙවල් වල නවතා ගනී. පසුව ක්‍රමයෙන් ලිංගිකත්වය පිළිබඳ ආසාව ඇති කරයි. ඒ සදහා ඔවුන් උපක්‍රම ශීලී වේ. ලිංගිකත්වයට අදාළව කියවී (ලිංගිකත්වය පිළිබඳ) ම සහ පුවත්පත් සහ අඩ නිරුවත් දර්ශයන් ඡායාරූප බැලීමට තැබිම. කාමාශාව වර්ධනය වන චිත්‍රපට පෙන්වීම සහ ආශ්වාදයේ රසය කියා දීම. මත්ද්‍රව්‍ය පෙවීම වැනි ක්‍රීයාවන් තුළින් ළමයින් නිතැතින් ම ලිංගිකත්වය සදහා පෙළඹෙති. ඒ තූළින් ගණිකා වෘත්තිය සදහා යොමුවෙති.

අපේ කුඩා දරුවන් මේ රටේ අනාගතයට ඉතා වැදගත් වේ. ඔවුන් ආරක්‍ෂා කර ගැනීම අප කාගෙත් යුතුකමක් සහ වගකීමක් වේ. ළමුන් අපචාර සහ අපරාධ සදහා පෙළඹිම නවත්වාලීමට නම් මේරටේ සෑම පුරවැසියෙකුම එකතුවිය යුතුය. සාරධර්ම පිරි යහපත් ළමා පරපුරක් නිර්මාණය කිරීම සහ බිහිකිරීම අප කරමත පැට වූ යුතුකමක් නොව වගකීමකි.

ග්‍රන්ථ කතෘ
ඩී.එම්.එස්. ධම්මික බණ්ඩාර
සමාජ විද්‍යා හා අපරාධ විද්‍යා
පර්යේෂක සහ ගවේශක

නව අදහස දක්වන්න