දිය මත සරුංගල්... | දිනමිණ

දිය මත සරුංගල්...

දිය මත සරුංගල් පැදීමේ ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියේ අවසන් මහා සරුංගල් ක්‍රීඩා සැණකෙළිය 8 දින උත්කර්ශවත් අන්දමින්,කල්පිටිය සංචාරක පුරවරයේ, කල්පිටිය කුඩාව වෙරළතීරයේ දී පැවැත්විණි. පසු ගිය 4 වැණිදා ආරම්භ වූ මේ තරගාවලිය 8 දින දක්වා පැවැත්විණි.

ජපානය, රුසියාව,ඔස්ට්‍රියාව තායිලන්තය ඇතුලු රටවල් 13 ක කාන්තා සහ පිරිමි තරගකරුවන් 60 දෙනෙකු,තරග ඉසව් හතර සදහා මෙහිදී තරග වැදුණි.මෙතෙක් ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලියට එක් නොවුණු සරුංගල් ක්‍රීඩාව, හා හා පුරා කියා මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලටට ද එක්ව ඇති බැව් කයිට් පාසලේ හිමිකරුවූ දිල්සිරි වැලිකල මහතා අප හා පැවසුවේය.මෙවර තරග වැදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම කුශලතා තුලින් උපයාගත් ප්‍රසාද ලකුණු ඔලිම්පික් තරගාවලියට තෝරා ගැනීමේ දී සුදුසුකමක් වනු ඇති බව ඒ මහතා පැවසුවේ ය.

කල්පිටිය සමූහ

නව අදහස දක්වන්න