තක්කාලි බහී.. | දිනමිණ

තක්කාලි බහී..

වෙළද පොළේ ගැනුම් මිල පහත වැටීමත් සමඟ දේශීය තක්කාලි ගොවියා දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

මාතලේ දිස්ත්‍රික්කයේ මෙවර තක්කාලි අස්වැන්න ලැබීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි ගැණුම් මිල රුපියල් 10 රුපියල් 15ත් අතර මිලක් පැවතීම නිසා ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවද බොහෝ ගොවීන් අස්වැන්න නෙලීම අත්හැර දමා එමෙන්ම නෙලූ අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව තැන තැන විසි කර දැමීමේ තත්ත්වයට පත්ව ඇතැයි තක්කාලි ගොවීහු පවසති.

මාතලේ දිස්ත්‍රික්කයේ සිගිරිය , දඹුල්ල,ගලේවෙල , පලාපත්වල, පල්ලේපොල ,නවුල , මහවෙල ,රත්තොට , ලග්ගල, ආදී ප්‍රදේශ වල බහුල වශයෙන් තක්කාලි වගාව සිදුකරනු ලැබේ.

දඹුල්ල වෑවල වැව ප්‍රදේශයේ තක්කාලි ගොවීන් කියා සිටියේ තක්කාලි වගාව අස්වනු නෙලීමට නොහැකිවීම නිසා තක්කාලි ගෙඩි සදහා රෝගයක්ද පවතින බවයි. එම රෝගය සඳහා අවශ්‍ය ප්‍රතිකාර කිරීමට හෝ මුදලක් ලබාගැනීමට තක්කාලි වගාවෙන් නොහැකි වී ඇති බවද කියති .

ඇතැම් තක්කාලි වගාවන් සිදුකර ඇති ගොවීන්ගේ නිවෙස් ඉදිරියේ තක්කාලි විශාල වශයෙන් ඉවත දමා ඇති අයුරු ද එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.

මේ දිනවල තක්කාලි කිලෝවක් රුපියල් දහයකට අලෙවි වෙද්දී තක්කාලි අස්වැන්න නෙලීම සඳහා කුලී කම්කරුවෙකුට දිනකට රුපියල් 1500 ක මුදලක් වැය වෙන බවත් එම ශ්‍රමිකයාගේ වැටුප් ගෙවීම සඳහා පමණක් තක්කාලි කිලෝ 150ක ප්‍රමාණයක් අවශ්‍ය බවත් එනිසා බොහෝ දෙනා තම තමන්ගේ මහන්සියෙන් එදිනෙදා වියදම් සඳහා තක්කාලි අස්වැන්න නෙළාගෙන වෙළඳ පොළට රැගෙන යන බව තක්කාලි ගොවීහු පවසති.

සිගිරිය විශේෂ

නව අදහස දක්වන්න