මොනරාගල කඩ බදු දෙන්නේ කවදාද? | දිනමිණ

මොනරාගල කඩ බදු දෙන්නේ කවදාද?

යුරෝපා ආර්ථික හවුලේ ආධාර මත රුපියල් මිලියන තිහක් පමණ වැය කොට ඉදිකරන ලද මොනරාගල තොග වෙළඳ පොළේ කඩකාමර ඉදිකර වසර දෙකක් ගතවී ඇතත් මෙතෙක් වෙළඳුන්ට ලබාදී නැත.මෙම තත්ත්වය මත මොනරාගල ප්‍රාදේශීය සභාවට වාර්ෂිකව ලැබෙන විශාල බදු මුදලක් අහිමි වී තිබේ.එපමණක් නොව තොග පොළෙන් තොග වශයෙන් ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගන්නා වෙළඳුන්ට භාණ්ඩ ගබඩා කර ගැනීමට නොහැකිව අසරණ වී සිටිති.

මේ පිළිබඳව මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඇම් රත්නවීර මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ මෙම කඩකාමර තොග වෙළඳුන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස ඌව පළාත් පාලන කොමසාරිස්වරයාට දැනුම් දී තිබෙන බවයි.

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස් ගුණතිලක

නව අදහස දක්වන්න