රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන් | දිනමිණ


 

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය කිරීමට උරදුන් ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ 2018 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ දී පැවැත්විණි. මීට අමතරව ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට අනුපමේය සේවාවක් කළ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය සාහිත්‍ය නාර්මාණකරුවන් තිදෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ,සාහිත්‍ය රත්න, ගෞරව සම්මානය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර සිංහල මාධ්‍ය වෙනුවෙන් මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස, දෙමළ මාධ්‍ය වෙනුවෙන් එම්. පොන්නම්බලම්, ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන් මහාචාර්ය ගනනාත් ඔබේසේකර මහත්වරු ද එම සම්මානයෙන් පිදුම් ලැබුහ. මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස මහතා සම්මානය ලබා ගත් අවස්ථාව.
ඡායාරූපය : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න