විවිධ මත දැරුවන් සිටියත් ආරක්ෂාවට තර්ජනයක් නෑ | දිනමිණ

විවිධ මත දැරුවන් සිටියත් ආරක්ෂාවට තර්ජනයක් නෑ

මහින්ද අලුත්ගෙදර

ඇතැම් පුද්ගලයින් විවිධ මත දැරුව ද රටේ ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නැතැයි රජය අවධාරණය කරයි. ශ්‍රී ලංකා රජයේ හමුදාවන් සම්බන්ධයෙන් ඇත්තේ ගෞරවයක් සහ මහත් අභිමානයක් බවද එවැනි විශ්වාසවන්ත හමුදාවක් සිටින රටක අනවශ්‍ය බියක් හෝ සැකයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි ද විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සදහන් කළේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ඊයේ (12) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ ඇතැමුන් විවිධ මත පළකළද ශ්‍රී ලංකාවේ හමුදාව ලොව ඉතාම දක්ෂ හමුදාවක් බවත් එක් එක් පුද්ගලයින් යම් යම් අයිතිවාසිකම් ලබාගන්නට උත්සාහ කළද එය කිසිවෙකුගේ අයිතිවාසිකමක් නොව හමුදාවේ ශක්තිය මත රටේ ආරක්ෂාව රැදී තිබෙන බවත්ය.

ශ්‍රී ලංකාවේ හමුදාවට ගරුත්වය ලබාදිය යුතු බව කී ඇමැතිවරයා ඒ තුළ රට ඉතාම ආරක්ෂිත රටක් ලෙස ඉදිරියට ගමන් කරන බවද යම් යම් අය ගෞරය ලබාගන්නට උත්සාහ කළද එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුතු බවද සදහන් කරයි. අද වනවිට රටේ පරිනත ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින අතර ඒ හේතුවෙන් ආණ්ඩුව තුළම සිට මත දෙකක් තිබෙන බවද පෙන්වා දුන්නේය.


නව අදහස දක්වන්න

Or log in with...