අසාද් සාලිට වාරණ නියෝගයක් | දිනමිණ

අසාද් සාලිට වාරණ නියෝගයක්

රෝෂන් තුෂාර

පුද්ගලික මූල්‍ය ආයතනයකට අපහාසාත්මක හා අපකීර්තිදායක ප්‍රකාශ කළේ යැයි සැක කෙරෙන ‘ජාතීය ඒකීය සංවිධානයේ නායක අසාද් සාලි මහතාට එරෙහිව’ වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය නිකුත් කළේය.

පුද්ගලික මූල්‍ය ආයතනය විසින් අසාද් සාලි මහතාට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ දිසාවිනිසුරු ජයකි ද අල්විස් මහත්මිය මෙම වාරණය නිකුත් කළාය.

විත්තිකාර අසාද් සාලි මහතා දේශපාලනඥයකු ලෙස පෙනී සිටිමින් පැමිණිලිකාර බැංකුවට අපකීර්තිදායක ප්‍රවෘත්ති සාකච්ඡා, මාධ්‍ය සාකච්ඡා පවත්වා ඇති බවත්, එසේ සිදු කිරීම වළක්වමින් වාරණ නියෝගයක් හා තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.

පැමිණිල්ලේ කරුණු සලකා බැලු විනිසුරුවරිය විත්තිකාර අසාද් සාලි මහතාට වාරණ නියෝග අතුරු තහනම් දැන්වීම් හා සිතාසි නිකුත් කරමින් ලබන 25 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

නව අදහස දක්වන්න