සිසුන් ඇතුලත් කිරීමේදී අසාධාරණයක් ද ? | දිනමිණ

සිසුන් ඇතුලත් කිරීමේදී අසාධාරණයක් ද ?

පාසල්වලට සිසුන් ඇතුලත් කර ගැනීමේ දී  යම් අසාධාරණයක් සිදුවූයේ නම් තොරතුරු දැනගැනීමේ පනත මගින් උපරිම ප්‍රයෝජන ගෙන අදාළ නිලධාරීන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙස අධ්‍යාන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
 
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් කර ඇත.
 
එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබුණේ යහපාලන රජය බලයට පැමිණීමෙන් පසු රජයේ සියලු කටයුතු උපරිම විනිවිද භාවයකින් සහ සාධාරණ ලෙස ඉටු කිරීමට රජය කටයුතු කරන බවයි. 
 
සියලු කටයුතු පිළිබද නිවැරදි  තොරතුරු ලබා ගැනීම සදහා තොරතුරු ලබා ගැනීමේ පනත හදුන්වා දුන් බව එම නිවේදනයේ සදහන් වේ.
 
පළමු වසරට දරුවන් ඇතුළත් කර ගැනීමේදී ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර තිබේ නම් 2019 වර්ෂය සදහා රජයේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛණයට අනුව අදාළ පාසලෙන් එම දරුවා ඉවත් කිරීමට  සිදුවන බව ද  එම නිවේදනයේ සදහන් වේ.
 
විදුහල්පතිවරුන් සම්බන්ධයෙන්  කටයුතු කරන ආකරය පිළිබදව එම නිවේදනයේ සදහන් වන්නේ නවක සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධව අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛන සහ උපදෙස් අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු බවයි.

නව අදහස දක්වන්න