අලුත් දුම්රිය මැදිරි 160ක් | දිනමිණ

අලුත් දුම්රිය මැදිරි 160ක්

දුම්රිය මැදිරි 160 ක් මිල දී ගැනීම‍ට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් ජී.එස් විතානගේ සහ දුම්රිය මැදිරි ඉදිකිරීම් ආයතනයක් වන ඉන්දියානු රයිට් සමාගමේ තාක්ෂණික අධ්‍යක්ෂ මලික් රතෝර් අතර පසුගිය දිනක ගිවිසුමක් අත්සන් කරන ලදී. දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය මැදිරි 250 ක අවශ්‍යතාවක් පවතින අතර ඊට පිළියමක් ලෙස මෙලෙස දුම්රිය මැදිරි 160 ක් මිල දී ගැනීමට තීරණය කර ඇත.

ඉන්දියානු සහන ණය ව්‍යාපෘතිය යටතේ මෙම දුම්රිය මැදිරි මිල දී ගන්නා අතර, ඒ සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 82.6 කි.මෙම දුම්රිය මැදිරි 160 ට ආසන්න 90 ක් සහිත තුන්වන පන්තියේ මැදිරි 41 ක්, ආසන 64 ක් සහිත දෙවන පන්තියේ මැදිරි 41 ක් , ආසන 50 ක් සහිත තුන් වන පන්තියේ නියාමක මැදිරි 17 ක්, ආසන 38 ක් සහිත දෙවන භෝජනාගාර මැදිරි 8 ක් , ආසන 58 ක් සහිත වායු සමනය කරන ලද මැදිරි 35 ක් සහ පාර්සල් භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන මැදිරි 5 ක් ඇතුළත් ය. මෙම දුම්රිය මැදිරි ඉදිරි වසර එක හමාරක කාලය තුළ ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීමට නියමිත ය.

 

මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න