පැල්වත්ත කිරි සමා­ග‍ෙමන් සත්ව ආහාර නිෂ්පා­දන | දිනමිණ

පැල්වත්ත කිරි සමා­ග‍ෙමන් සත්ව ආහාර නිෂ්පා­දන

 ශ්‍රී ලංකාවේ 100% ක් දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම (PDIL) එහි ආරම්භයෙහි පටන්ම ජාතිය ස්වයංපෝෂිත කිරීමේ දැක්මක් ද සමගින් ඉදිරි ගමනක් යයි. එම ඉලක්කය සඳහා තවත් මෙහෙවරක් වශයෙන් පැල්වත්ත කිරි සමාගම විසින් ස්වකීය නවීන තාක්‍ෂණ යොදාගෙන සත්ව ආහාර කර්මාන්තශාලාවක් බුත්තල පිහිටි ඔවුන්ගේ කර්මාන්තශාලාව හා ගොවිපල ආසන්නයේ දී ආරම්භ කර ඇත.

ඉන්දියානු තාක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම සත්ව ආහාර කර්මාන්තශාලාව මසකට ටොන් 1,200 ක නිෂ්පාදන ධාරිතාවයකින් යුතු ය. මේ වන විට ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කෙරෙන්නේ ගවයන් සඳහා වන ආහාර වුවද ඉදිරි මාස කිහිපය තුළ කුකුළු ආහාර නිෂ්පාදනය කිරීමට ද සැලසුම් කර ඇත.

“පළමුව අපි අපගේ ගොවිපොළවල් හා අසල්වැසි කිරි ගොවීන්ගේ සතුන් සඳහා සත්ව ආහාර ලබාදීම ආරම්භ කිරීමට තීරණය කළා. අප විසින් නිෂ්පාදනය කරන ලද ගව ආහාර වල ඉහළ ගුණාත්මකභාවය නිසා දිස්ත්‍රික්කය තුල කිරි ගොවීන්ගේ වැඩි ඉල්ලීම පවතින්නේ අපගේ සත්ව ආහාර නිෂ්පාදන වලටයි. එසේම මේ වන විට මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් 750 කට වැඩි පිරිසකට සත්ව ආහාර කිලෝ ග්‍රෑම් 100,000 කට වඩා ප්‍රමාණයක් මසකට සපයන බවත්” පැල්වත්ත කිරි සමාගම් කළමනාකාර අධ්‍යක්‍ෂ අක්මාල් වික්‍රමනායක පැවසීය.

සත්ව කර්මාන්තයේදී කිරි ආහාර පෝෂණ කාලයේ සිට වියලි ආහාර සැපයුම් කාලය දක්වා මාරු කිරීම සඳහා වසු පැටවුන්ගේ ආහාර සැපයීමට නිෂ්පාදන පරාසයක් නිෂ්පාදනය කරයි. ඒ අතරම සාමාන්‍ය පලදාවක් ලබාදෙන ගවයින් සඳහා සාමාන්‍ය ගව ආහාර ද ඉහළ පලදාවක් ලබා දෙන ගවයින් සඳහා ඒ හා සමානම ගව ආහාර ද ලබා දෙයි. කිරි නිෂ්පාදනයේ දී වැඩි පලදාවක් ලබා දීම සඳහා පෝෂ්‍ය පදාර්ථ එකතු කර ඇති අතරම කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ සිට මධ්‍යම පරිමාණ ගොවීන් දක්වා ආහාර බහුලව යොදා ගැනේ.

පර්යේෂණ හා සංවර්ධන අංශයේ නිෂ්පාදන දෙපාර්තමේන්තු වල සිටින ඉහළ කුසලතාවන් ගෙන් යුත් පුහුණු කාර්ය මණ්ඩලයක් මගින් ගව පෝෂණ නිෂ්පාදන සිදු කරනු ලබන අතර ප්‍රදේශයේ උක් ගොවීන් හා වගා ක්‍රියාකරුවන් සඳහා දීර්ඝ කාලීන රැකියා අවස්ථා ද සපයයි.

තවදුරටත් ශ්‍රී ලාංකීය කිරි කර්මාන්තය සඳහා සහය වීමක් ලෙස කිරි ගවයින් 100 කින් යුතු ආදර්ශ ගොවිපළ භාවිතා කරමින් ගව පෝෂණය පිළිබඳ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද පැල්වත්ත කිරි සමාගම මගින් සිදු වේ. කෙටි කාලීන පුහුණු වැඩසටහනකට සහභාගී වීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකම ගොවීන්හට පැල්වත්ත කිරි සමාගම නිරන්තරයෙන් ආරාධනා කරති. එහි දී ඉහල පුහුණුවක් ලබා ගත් ගොවි වෘත්තිකයින් විසින් විවිධාකාර ප්‍රායෝගික දැනුමක් කිරි ගොවීන් හට ලබා දෙයි.

බුත්තල ගොවිපලෙහි පුහුණු මධ්‍යස්ථානය හා ගව පෝෂණ මධ්‍යස්ථාන වැනි අනුග්‍රාහක සේවා සපයමින් පැල්වත්ත කිරි සමාගම සිසින් උසස් තත්වයේ කිරි සැපයුම් දාමයක් නිර්මාණය කිරීම සහතික කරන අතර කිරි සැපයුම් මණ්ඩලය හට ඉහළම තත්වයේ නැවුම් කිරි සැපයුමක් නිර්මාණය කිරීමට එය ඉවහල් වේ. පැල්වත්ත කිරි සමාගම සිය නිෂ්පාදන පෙළ සඳහා 100% ක් නැවුම් කිරි භාවිතා කරන හෙයින් සාම නිෂ්පාදනයකම ඉහල ප්‍රමිතියකින් යුතු බව සහතික කරයි.


නව අදහස දක්වන්න

Or log in with...