නවාස් ෂරීෆ්ගේ බිරිය අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ

නවාස් ෂරීෆ්ගේ බිරිය අභාවප්‍රාප්ත වෙයි

පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ බිරිය කුල්සූම් නවාස් අභාවප්‍රාප්ත වෙයි. මියයන විට කුල්සූම් නවාස් 68 වැනි වියෙහි පසුවු අතර පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට ලන්ඩන්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියාය.

ලන්ඩන්හි සුඛෝපබෝගී මහල් නිවසක් මිලදී ගැනීමට අදාළ දූෂණ අක්‍රමිකතා චෝදනා හේතුවෙන් නවාස් ෂරීෆ් පසුගියදා බලයෙන් පහ කෙරුණු අතර ඔහුගේ දියණියට ද එහිදී චෝදනා එල්ල වී තිබුණි.

කුල්සූම් නවාස්ගේ ප්‍රතිකාර සඳහා ලන්ඩනයට ගොස් සිටියදී එල්ලවූ එම චෝදනාවලට මුහුණ දීම සඳහා නවාස් ෂරීෆ් හා දියණිය පසුගිය ජුලි මාසයේදී නැවත පාකිස්තානයට පැමිණීමට සිදුවු අතර එහිදී ඔවුන්ට සිර දඩුවම් නියම විය.

කුල්සූම් නවාස්ගේ අභාවය කණ වැකුණු පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් ඇය ධෛර්ය සම්පන්න ගෞරවනීය කාන්තාවක් ලෙස තමන් හඳුනාගෙන සිටි බව පවසයි.

නව අදහස දක්වන්න