පස් ප්‍රවාහනය කරන ටිපර් මහජනයාට හිරිහැරයක් | දිනමිණ

පස් ප්‍රවාහනය කරන ටිපර් මහජනයාට හිරිහැරයක්

සුරියවැව හා අවට ජනයාට පස් ප්‍රවාහනය කරන ටිපර් රථ හිරිහැරයක් වී .ටිපර් රථ වලට නීතිය ක්‍රියාත්මක වන්නේ ඉබි ගමනින් යැයි ජනතාව කියයි.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් සඳහා විවිධ ප්‍රදේශ වල සිට පස් ප්‍රවාහනය කරනු ලබන ටිපර් රථ සුරියවැව නගරයේ හා අනෙකුත් මාර්ගවල අධික වේගයෙන් හා මාර්ග නිති පවා උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදීම නිසා මාර්ගයේ ගමන් කරන පදිකයන් හා යතුරු පැදි ඇතුළු කුඩා වාහන හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

පදිකයින් හා යතුරු පැදිකරුවන් ඇතුළු කුඩා වාහන හිමියන් චෝදනා කරන්නේ පස් ප්‍රවාහනය කරනු ලබන ටිපර් රථ රියදුරන් කුඩා වාහන පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වන බවයි. නගර සීමාව තුළදිී හා නගරයෙන් පිට මාර්ග වලදී ද අධික වේගයෙන් ටිපර් රථ ධාවනය කිරීම නිසා අනතුරු ඉහළ ගොස් තිබේ. එමෙන්ම එක් ටිපර් රථයක් සඳහා දිනකට පස් ප්‍රවාහනය කිරිමට බලපත්‍ර හිමිව තිබෙන්නේ එක් ගමනක් පමණක් වුවත් එක් ටිපර් රථයක් මේ වන විට දිනකට වාර හය හතක්ම පස් ප්‍රවාහනයේ යෙදෙති.

.ටිපර් රථ නිසා මේ වන විට සුරියවැව පමණක් ජිවිත අනතුරු හා බරපතළ තුවාල ලැබූ පිරිස විශාලය.මාර්ග නිති උල්ලංඝනය කරමින් ගමන් කරන ටිපර් රථ රියදුරන් සඳහා නීතියද ක්‍රියාත්මක වන්නේ ඉබි ගමනින් බවත් මේ නිසා ජන ජිවිත අකර්මණ්‍ය විමට ඉඩ නොදි පදිකයන්ගේ හා අනෙකුත් වාහන හිමියන්ගේ ආරක්ෂාවද තහවුරු වන පරිදි ටිපර් රථ සඳහා නිතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

සූරියවැව විශේෂ
නුවන් ජයසේකර

 

නව අදහස දක්වන්න