කොස්වත්තේ පිඹුරා පොලිස් භාරයට | දිනමිණ

කොස්වත්තේ පිඹුරා පොලිස් භාරයට

කොස්වත්ත පොලිස් වසමට අයත් තුලාවල කොස්වත්ත ගමට රාත්‍රි 10-00 ට පමණ කිසිවෙකු බලාපොරොත්තු නොවූ මොහොතක පැමිණ ඇති අඩි 10 ක් පමණ දිග කිලෝ 20 ක් පමණ බරැති දැවැන්ත පිඹුරකු ගම්වාසින් මහත් පරිශ්‍රමයකින් අල්ලා වනජීවි කාර්යාලයටද දන්වා කොස්වත්ත පොලිසියට බාරදී තිබේ. තුලාවල ගමේ ජනතාව මෙවැනි පිඹුරකු ප්‍රධාන මාර්ගයට පැමිණ සිටිනු මීට පෙර දැක නැති හෙයින් ගම්වාසින් එක්ව සත්ව හිංසාවකින් තොරව අල්ලාගෙන ඇති අතර ඒ සදහා පැයක පමණ කාලයක් ගතවිණි.ගම්වාසින් විසින් ඒ මොහොතේම වනජීවි කාර්යාලය අමතා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ තම නිලධාරින් මේ මොහොතේ වෙනත් කටයුතු සදහා ගොස් ඇති නිසා පසුදින පිඹුරා රැගෙනයාමට පැමිණෙනතෙක් ආරක්ෂාකාරිව තබාගන්නා ලෙසයි.ඉතාම අමාරුවෙන් අල්ලාගත් මෙම දැවැන්ත පිඹුරාට එළිවනතුරා ආරක්ෂාවදීම අසීරු කරුණක් හෙයින් ගම්වාසින් කොස්වත්ත පොලිසියට රැගෙනගොස් එම නිලධාරින්ගේද සහය ඇතිව ආරක්ෂක ස්ථානයක තැබීමට කටයුතු කරන ලදී.

වෙන්නප්පුව විශේෂ
සුනිල් ප්‍රනාන්දුපුල්ලේ


නව අදහස දක්වන්න

Or log in with...