ඉදිරි දශක කිහිපයේ දී නව ලෝක ආර්ථිකයක හැඩතල නිර්මාණය වෙනවා | දිනමිණ

ඉදිරි දශක කිහිපයේ දී නව ලෝක ආර්ථිකයක හැඩතල නිර්මාණය වෙනවා

ආසියාව කේන්ද්‍ර කොටගෙන ඉදිරි දශක කිහිපය තුළ නව ලෝක ආර්ථිකයක හැඩතල නිර්මාණය වන බැවින්, ආසියාන් සංවිධානයට හා ආසියානු ආර්ථිකයේ දැවැන්තයන්ට ආසියානු භූ දේශපාලනික ස්වරූපය සම්බන්ධව සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

වියට්නාමයේ හැනොයි නුවර ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවේ ඊයේ (13) ‘ආසියානු භූ දේශපාලනික ස්වරූපය’ මැයෙන් පැවැති සාකච්ඡා මණ්ඩපයට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහි දී ඒ මහතා වැඩි දුරටත් පැවැසූයේ ආසියානු ආර්ථිකයේ අනාගතය රඳා පවතින්නේ ඉන්දු ශාන්තිකර සාගර නිදහස් නාවුක ගමනාගමනය මත බවයි. ඒ නිසා කලාපීය බලවතුන්, සාගරය භාවිත කරන්නවුන්, කලාපීය සමුද්‍රාසන්න රටවල් හා සියලු පාර්ශවයන් එක්ව, පිළිගත් සම්මතයන්ට අනුකූල නිදහස් සාගර ප්‍රතිපත්තියක් අනුගමනය කරලීමේ වැදගත්කම ද ඒ මහතා අවධාරණය කළේය.

වියට්නාමයේ නියෝජ්‍ය අගමැති හා විදේශ ඇමැති ෆාම් බින් මින් (H.E. Pham Binh Minh) දකුණු කොරියාවේ විදේශ ඇමතිනී කං ක්යුන් වා (Kaang Kyung-Wha), ජපාන විදේශ ඇමැති තරො කොනො (Taro Kono) සහ කේමිබ්‍රිජ් විශ්වවිද්‍යාලයේ හා ආසියානු උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ලින් කුක් (Dr Lunn Kouk) මහත්ම මහත්මීහු සාකච්ඡා මණ්ඩපයේ දී අදහස් දැක්වූහ.

නව ආර්ථික ප්‍රවණතාවන් හමුවේ ආසියානු කලාපය මුහුණ දෙන අභියෝග, තර්ජන පිළිබඳ සහ ඒවා ජය ගැනීමේ සාමූහික ක්‍රියා පිළිවෙත් පිළිබඳව ද මෙහි දී අදහස් පළ කෙරිණි. සාකච්ඡාව මෙහෙය වන ලද්දේ සිංගප්පූරුවේ චැනල් නිව්ස් ඒෂියා ආයතනයේ සත්කාරිකා ජුලී යෝ (Julie Yoo) විසිනි.


නව අදහස දක්වන්න

Or log in with...