ජ්‍යෙෂ්ඨයන්ට නොදී නාමල්ට තැන ලැබෙන තුරු මහින්ද උපක්‍රම යොදනවා | දිනමිණ

ජ්‍යෙෂ්ඨයන්ට නොදී නාමල්ට තැන ලැබෙන තුරු මහින්ද උපක්‍රම යොදනවා

උපාලි කරුණාරත්න

දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් සිටිය දී ඔවුන්ට අවස්ථාව නොදී නාමල් රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලැබෙන තුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවිධ උපක්‍රම භාවිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කර සිටී.

මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (13) පිටකෝට්ට සිරිකොත මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

ඒකාබද්ධ විපක්ෂය, පොහොට්ටු පක්ෂය රාජපක්ෂවරුන් රජ පුටුවේ වාඩි කිරීමට ක්‍රියා කරන පක්ෂයක් බවට පත්වී ඇති බව කී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනතාව විසින් පරාජය කළ රාජපක්ෂ කණ්ඩායම පොහොට්ටුව තුළින් බලය ලබා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බව ද පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂය ක්‍රියාත්මක කළ ජන බල මෙහෙයුමට බැසිල් රාජපක්ෂ මහතාගේ සහයෝගය නොලැබුණ නිසා ගැටලුකාරී කිරි පැකට් සිද්ධියට බැසිල් මහත්මයාගේ කණ්ඩායම සම්බන්ධ දැයි සාධාරණ සැකයක් මතුවන බවත් ඒ පිළිබඳ පොලිසිය වැඩි අවධානය යොමු කළ යුතු බවත් මන්ත්‍රීවරයා කීය. මේ සිද්ධිය පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පිළිබඳ ද සැකයක් පවතින බව මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනුයේ කොයි බ්‍රදර් ද කියා මහින්ද රාජපක්ෂ මහතාගෙන් අසන බව ද මන්ත්‍රීවරයා කීය.


නව අදහස දක්වන්න

Or log in with...