රැදවියන්ගේ ‘සිරනොවූ සිතුවම්‘ බැලීමට ඇරයුම් | දිනමිණ

රැදවියන්ගේ ‘සිරනොවූ සිතුවම්‘ බැලීමට ඇරයුම්

 සිරකරු සුභ සාධන දිනයට සමගාමීව “සිර නොවූ සිතුවම්“ ලෙසින් රැඳවූවන්ගේ චිත්‍රනිර්මාණයන් එක් කර ප්‍රදර්ශනයක් ලබන 16 හා 17 දෙදින තුළ සංවිධාන කර ඇත. 
 
එය කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙහි ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේ පළමු මහලේ දී පැවැත්වෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේය. 
 
මෙය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ. මෙහිදී මෙම චිත්‍ර අතරින් පළමු, දෙවන සහ තෙවැනි ස්ථාන තෝරා එම සිරකරුවන්ට ත්‍යාග ලබා දීම ද සිදු කරනු ඇත. 
 
මෙහි සමාරම්භය ලබන ඉරිදා(16) පස්වරු 03.00ට සිදු කරනු ලබන අතර ත්‍යාගප්‍රදානෝත්සවය සඳුදා (17) පස්වරු 05.00ට සිදු කරනු ලැබේ. 
 
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වර්තමානයේ සිදු කරගෙන යනු ලබන පුනරුත්ථාපන ක්‍රියාවලීන් අතරින් තවත් එක් ක්‍රියාවලියන් ලෙස මෙය සංවිධාන කෙරෙනු ඇත. 
 
බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතාගේ නව දැක්මට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්. එම්. එන්. සී ධනසිංහ මහතාගේ උපදෙස් මත බන්ධනාගාරගතව සිටින නේවාසිකයින්ගේ සිතුවම් දැක්ම පැවැත්වේ.  

නව අදහස දක්වන්න