සුළඟ නොමැතිව දහවල් කාලයේ උෂ්ණ වැඩි | දිනමිණ

සුළඟ නොමැතිව දහවල් කාලයේ උෂ්ණ වැඩි

කොළඹට ආසන්න වායුගෝලයේ සුළං නිශ්චලව පැවතීම දහවල් කාලයේදී උෂ්ණත්වය වැඩිවීමට හේතු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ දිනවල දිවයිනට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 17 කට වියලි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

මේ අතර, පවතින වියලි කාලගුණයත් සමග ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 5 කින් පමණ ඉහළ ගොස් තිබේ.

උෂ්ණත්වයත් සමඟ සුළෙඟ් වේගයද පැයට කිලෝමීටර් 20 ක අගයක පැවතීම සහ සුළං නිශ්චලව තිබීම නිසා දහවල් කාලය උණුසුම් වීම වැඩිවීමට හේතු වී ඇත.


නව අදහස දක්වන්න

Or log in with...