වැටුප් කොමිසමට යෝජනා 70 ක් | දිනමිණ

වැටුප් කොමිසමට යෝජනා 70 ක්

වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කොමිෂන් සභාවට ඉදිරිපත් වූ යෝජනා අතරින් වැඩි ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ලැබී ඇති බව එම කොමිසමේ සභාපති එස්.රනුක්ගේ ප්‍රකාශ කර තිබේ.

එම කොමිසමේ වාර්තාව පිළියෙල කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වන අතර, මේ වනවිට 70 කට අධික යෝජනා ප්‍රමාණයක් ලැබී ඇති බව ඔහු සඳහන් කර ඇත.

ඒ අතර වෘත්තීය සමිති සිදුකළ යෝජනා කිහිපයක් ද ඇතුළත් බව ඔහු වැඩිදුරුටත් සඳහන් කරයි.

නව අදහස දක්වන්න