මහ­පාරේ වැටී සිටි පුද්ග­ල­යකු පොලි­සියේ උද­ව්වෙන් රෝහ­ලට | දිනමිණ

මහ­පාරේ වැටී සිටි පුද්ග­ල­යකු පොලි­සියේ උද­ව්වෙන් රෝහ­ලට

මාතලේ පොලි­සි­යට සහ මාතලේ රෝහ­ලට මායිම්ව ඇති දිය බුබුල පාලම අසල බිම වැටි සිටි පුද්ග­ල­යකු පොලි­සියේ මැදි­හත් වීමෙන් මාතලේ රෝහ­ලට ඇතු­ළත් කර ඇත. මේ විය­පත් තැනැත්තා මහ­මඟ ඇද වැටී සිටින බව දැක ඇති මාධ්‍ය­වේ­දි­යකු ඒ බව මාතලේ පොලි­සියේ ප්‍රජා පොලිස් ඒක­කයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරි­ක්ෂක ප්‍රියන්ත ජය­සේ­කර මහ­තාට දුර­ක­ථ­න­යෙන් දන්වා තිබේ. පසුව එම පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාගේ මැදි­හත් වීමෙන් තවත් පොලිස් නිල­ධා­රි­යකු සමඟ එකතු වී මේ විය­පත් තැනැත්තා රෝහ­ලට රැගෙන ගොස් ඇත. මාතලේ පොලි­සියේ ප්‍රජා පොලිස් ඒක­කයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරි­ක්ෂක ප්‍රියන්ත ජය­සේ­කර මහතා පො .කො.57191 සාලිය අබේ­රත්න යන අය වහාම ක්‍රියා­ත්මක වී රෝගි වූ පුද්ග­ලයා රෝහ­ලට රැගෙන යාමට කට­යුතු කළහ . සිද්ධිය නෙත ගැටුණු අයගේ මුවින් පිට­වුණේ මෙවන් නිල­ධා­රින් පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වට වටිනා සම්පත් බවය.

උකු­වෙල සංචා­රක
ප්‍රියන්ත සුම­න­සේන

නව අදහස දක්වන්න