දකුණු පළාත් තොර­තුරු තාක්ෂණ හා ව්‍යාපාර කළ­ම­නා­ක­රණ සතිය උත්ස­වා­කා­ර­යෙන් | දිනමිණ

දකුණු පළාත් තොර­තුරු තාක්ෂණ හා ව්‍යාපාර කළ­ම­නා­ක­රණ සතිය උත්ස­වා­කා­ර­යෙන්

ප්‍රාදේ­ශීය ව්‍යව­සා­ය­ක­යන් නගා­සි­ටු­වන දකුණු පළාත් තොර­තුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියා­වලි කළ­ම­නා­ක­රණ සතිය පසු­ගි­යදා මාතර දී පැවැ­ත්විණි. මෙහි දී දකුණු පළාතේ දේශීය ව්‍යව­සා­ය­ක­යන් 150 ක් පමණ දැනු­වත් කිරීම හා තොර­තුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියා­වලි කළ­ම­නා­ක­රණ ක්ෂේත්‍රයේ විශේ­ෂ­ඥ­යන් මාතර විශ්ව­වි­ද්‍යා­ලයේ උපාධි අපේ­ක්ෂ­ක­යන් 350ක් දැනු­වත් කිරීම සිදු­ක­රන ලදි.

ව්‍යව­සා­ය­ක­යන් සඳහා වූ වැඩ­මු­ළුව මඟින් නව ව්‍යාපා­ර­යක් සදහා අැති නව අද­හස්, ඒ සදහා අවශ්‍ය මුලික දැනුම, ඒ සදහා පව­තින ගැටලු සහ එයට අදාළ සියලු කාරණා පිළි­බද අව­ධා­නය යොමු කරන ලදි. වැඩ­මු­ළුව සදහා දකුණු පළාතේ තරුණ තරු­ණි­යන්ගේ සහ­භා­ගී­ත්වය ඉතා ඉහළ මට්ට­මක පැවති අතර ව්‍යාපාර සැල­සුම් සකස් කිරීම පිළි­බද කණ්ඩා­යම් ක්‍රියා­ක­ර­කම් රැසක් ද වැඩ­මු­ළු­වට අන්ත­ර්ගත වී තිබිණි.

තොර­තුරු තාක්ෂ­ණය , ව්‍යව­සා­ය­ක­ත්වය තෝරා ගැනී­මේදී අනා­ග­තයේ දී වෘත්ති­ක­යන් ලෙස දිරි­ගැ­න්වීම සඳහා නව තාක්ෂ­ණය පිළි­බඳ දැනු­ව­ත්භා­වය වර්ධ­නය කිරීම සහ දේශීය තොර­තුරු තාක්ෂණ ව්‍යාපාර ආරම්භ කිරීම දිරි­ගැ­න්වීම හා සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන්ට උප­දෙස් දීම මේ වැඩ­ස­ට­හනේ මූලික අර­මුණු විය. ක්ෂේත්‍රයේ ප්‍ර‍වීණ­යන් වන ආචාර්ය අජිත් මදු­ර­ප්පෙ­රුම , SLASSCOM හි හිටපු සභා­පති සහ STAX හි කළ­ම­ණා­කාර අධ්‍යක්ෂ රුවින්දු පීරිස් , SLASSCOM වත්මන් සභා­පති ජීවන් ඥානම්, සහ Calcey Technologies හි නිර්මාතෘ සහ ප්‍රධාන විධා­යක නිල­ධාරී මංගල කරු­ණා­ර­ත්න‍ ­යන මහ­ත්වරු ඇතුළු ප්‍ර‍වීණ­යන් රැසක් මේ වැඩ­මු­ළුව සඳහා සහ­භාගී වූහ.

ජය­සිරි පේදු­රු­ආ­රච්චි
ගන්දර සමූහ

නව අදහස දක්වන්න