ක‍ශේ­රු­කාව බිඳී එක්තැන්වී සිටින වල­ස්මුල්ලේ සුනිල්ට පිහි­ටක් වෙන්න | දිනමිණ

ක‍ශේ­රු­කාව බිඳී එක්තැන්වී සිටින වල­ස්මුල්ලේ සුනිල්ට පිහි­ටක් වෙන්න

වල­ස්මුල්ල, කිරම, පිස්සු­බැද්ද ගමේ පදිං­චිව සිටින වී. බී. ඒ. සුනි­ල්ශාන්ත මහතා (46) ගස­කින් වැටීම හේතු­වෙන් කශේ­රු­කාව තුවාල වීම නිසා අද වන­විට කිසිම දෙයක් කර­ගැ­නී­මට නොහැ­කිව ඔත්ප­ලවී, දැඩි අස­රණ තත්ත්ව­යට පත්ව සිටියි.

අසල නිවෙ­සක පැවැති දාන­මය පින්ක­මක් සඳහා කොස් කැඩී­මට ගිය අව­ස්ථා­වේදී ඔහු මෙලෙස අවා­ස­නා­වන්ත ඉර­ණ­මට ගොදු­රුවී තිබේ.

හදිසි අන­තු­රට පත්වූ අව­ස්ථාවේ ගාල්ල, කරා­පි­ටිය රෝහලේ වෛද්‍ය­ව­රුන් විසින් සුනි­ල් ශාන්ත මහ­තාට හදිසි ශල්‍ය­ක­ර්ම­යක් සිදු කර­මින් යම් සහ­න­යක් ලබාදී තිබු­ණද ඔහුට ස්වාධී­නව තම කට­යුතු කර ගැනී­මට හා අඛ­ණ්ඩව ප්‍රති­කාර ලබා­ගත යුතුව ඇති බවට වෛද්‍ය­ව­රුන් විසින් නිර්දේශ කර ඇත.

ඒ සඳහා මුල් කාර්තුව වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ එක­හ­මා­රක (1,50,000/=) පමණ මුද­ලක් වැය­වන බවත්, ඉන් අන­තු­රුව මස­කට රුපි­යල් 80,000/= පමණ මුද­ලක් වැය­වන බවත් ඔහුගේ පවුලේ අය පව­සති.

නමුත් ඉතා අස­රණ තත්ත්ව­යක පසු­වන එම පවුලේ අයට එවැනි මුද­ලක් සපයා ගැනීම දුෂ්කර කාර්ය­යක් වී ඇත.

සුනිල් ශාන්ත මහතා ජීවත්ව සිටින නිව­සද මේ වන­විට අර්ධ වශ­යෙන් වැඩ නිම­කර ඇති අතර එහි වැඩ නිම­කි­රී­මට ඔහුට හෝ ඔහුගේ පවුලේ අයට හැකි­යා­වක් නොමැති බවද පව­සති.

තවද කිසිම ආදා­යම් මාර්ග­යක් නොමැ­ති­වීම නිසා දරු­වන්ගේ අධ්‍යා­පන කට­යු­තුද කර ගෙන යාමට නොහැ­කිවී ඇති බවද කියා සිටිති. ඔහු‍ෙග් බිරි­ය­ටද රැකි­යා­වක් නැත. ඒ නිසා පවුලේ එදි­නෙදා කට­යුතු ද කර­ගෙන යාම ගැට­ලු­වක්ව පව­තින බවද කියයි.

අඩක් වැඩ නිම­කර තිබෙන නිවසේ වැඩ නිම කිරී­මට සහ දැනට කිසි­වක් කර­කියා ගත නොහැ­කිව ඔත්ප­ලවී සිටින මොහුගේ ප්‍රති­කාර සඳහා මාසි­කව වැය වන විය­දම් සඳ­හාත්, දරු­වන්ගේ අධ්‍යා­පන කට­යුතු දියු­ණු­කර ගැනීම වෙනු­වෙ­නුත් ඔහුගේ පවුලේ අය පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ උප­කාර බලා­පො­රොත්තු වෙති.

දෙයි­ය­න්දර සමූහ
තම­ර­සිරි විජේ­සේ­කර

නව අදහස දක්වන්න