ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් පිරිසකට ඉන්දියාවේදී පුහුණුවක් | දිනමිණ

ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් පිරිසකට ඉන්දියාවේදී පුහුණුවක්

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාවේ මාර්ග රථවාහන අධ්‍යාපන ආයතනයේ (IRTE) මාර්ග ආරක්ෂාව සහ මාර්ග කළමනාකරණය පිළිබඳ සවිස්තරාත්මක පුහුණු වැඩසටහනක් සඳහා සහභාගී වී තිබේ.

මෙම වැඩසටහන සති දෙකකට ආසන්න කාලයක් පවත්වා 1991 වසරේ දී ස්ථාපනය කරන ලද IRTE ආයතනය එක්සත් ජාතීන්ගේ මාර්ග ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාවයේ සහ ගෝලීය මාර්ග ආරක්ෂාව පිළිබඳ කොමිසමේ ක්‍රියාකාරී සාමාජික ආයතනයක් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දියාව සහ අනෙකුත් රටවල ක්‍රියාත්මක කළහැකි රථවාහන කළමනාකරණ පද්ධති නිර්මාණය සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ පර්යේෂණ සහ විශ්ලේෂණ සිදුකෙරෙන මධ්‍යස්‌ථානයක් ලෙස එය පිළිගැනේ.

මෙම පුහුණු වැඩසටහනට සම්පූර්ණයෙන්ම අරමුදල් සපයන්නේ ඉන්දියානු රජය විසින් වන අතර ප්‍රධාන පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක, උප පොලිස් පරීක්ෂක සහ පොලිස් සැරයන් යන නිලයන් දරන පොලිස් නිලධාරින් 15 දෙනෙක් මෙම වැඩසටහනට සහභාගි වී තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පුද්ගල සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ පියවරක් ලෙස ඉන්දියානු රජය මෙම වැඩසටහන සඳහා සහභාගී වන්නන්ට ගමනාගමන සහ නවාතැන් පහසුකම් සපයයි.

සාපරාධී දර්ශන කළමනාකරණය සහ CCTV විශ්ලේෂණය, අපරාධ පරීක්ෂණ නඩු විභාගය, අධිකරණ විද්‍යාව හා සයිබර් අධිකරණ විද්‍යාව පිළිබඳ පුහුණු වැඩසටහන් රැසක් ද මුල්‍ය අපරාධ පිළිබඳ සම්මන්ත්‍රණයක් ද මේ වසරේ දී ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකා පොලිස් බලකාය සඳහා සංවිධානය කර ඇත.

 

නව අදහස දක්වන්න