මොස්කව් අන්තර්ජාතික සංචාරක ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියට වැඩි අවධානයක් | දිනමිණ

මොස්කව් අන්තර්ජාතික සංචාරක ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියට වැඩි අවධානයක්

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රුසියාවේ මොස්කව්හි දී සංවිධානය කළ OTDYKH / LEISURE අන්තර්ජාතික සංචාරක ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රදර්ශන කුටිය සඳහා රුසියාව ඇතුළු විදෙස් සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනාගෙන තිබේ.

දකුණු ආසියානු කලාපයේ සංචාරක පාරාදීසයක් බවට පත්ව තිබෙන ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් රුසියානු සංචාරකයන් ඇතුළුව විදෙස් සංචාරකයන් ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිව රුසියාවේ මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම අන්තර්ජාතික සංචාරක ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් විය. මෙහිදී ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමේ සමාරම්භක උළෙල රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතාගේ සහ සන්ජා ජයතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ මධූෂා සමෘද්ධි සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් චතුරිකා පෙරේරා මහත්මීන් විසින් මේ අවස්ථාවට පැමිණි ශ්‍රී ලංකා තානාපතිවරයා මහත් හරසරින් පිළිගෙන තිබේ. විදෙස් සංචාරකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් අලංකාර ලෙස ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය ඉදිරිපත්කර තිබෙන අතර එය වාස්තු විද්‍යාඥ සනත් අබේසේකර මහතා විසින් නිර්මාණය කළ බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. පසුගිය 2001 වසරේ දී ආරම්භ කර තිබෙන මෙම අන්තර්ජාතික සංචාරක ප්‍රදර්ශනය මෙවර උත්කර්ශවත් අයුරින් සංවිධානය කර තිබෙන අතර මෙවර ඒ සඳහා ලෝකයේ රටවල් 44ක සහභාගිත්වයෙන් පෙරේදා (13) නිමාවට පත්විංචාරකයන් නැවත නැවතත් අප රටට ගෙන්වා ගනිමින් මෙම සංචාරක පැමිණීම්වල වර්ධනය අඛණ්‌ඩව රඳවා ගැනීම වෙනුවෙන් සංචාරක ව්‍යාපාරයට රට සූදානම් කිරීම ඉතාමත් වැදගත් වන අතර ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ඇති අවස්‌ථාවන් සහ එමඟින් සමස්‌ත ආර්ථිකයට ලබා ගතහැකි ප්‍රතිලාභ පිළිබඳ වටහාගෙන රජය, සංචාරක ව්‍යාපාරයට රට සූදානම් කිරීම යන කාරණය වෙනුවෙන් නොයෙකුත් පියවරයන් දියත් කරමින් සිටී. ඉදිරි සංචාරක ඉලක්‌ක ජය ගැනීම සඳහා සංචාරක ක්‍ෂේත්‍රයට මීටත් වඩා වැඩි ප්‍රමුඛතාවක්‌ ලබාදෙමින් එම අංශයට සෘජුව හා වක්‍රව සම්බන්ධ සියලු රජයේ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය අංශවල මෙන්ම පෞද්ගලික අංශයේ ද සහාය හා දායකත්වය ඇතිව පුළුල් ඒකාබද්ධ ප්‍රයත්නයක්‌, වැඩපිළිවෙළක්‌ අවශ්‍ය වෙයි. එවැනි වැඩපිළිවෙළක්‌ දියත් කිරීමට අවැසි මොහොතකට දැන් අපි එළඹ සිටින අතර මේ සියලු අංශ ඒකාබද්ධ කර මීට වඩා වේගවත් හා පුළුල් සංචාරක සංවර්ධන වැඩපිළිවෙළකට යැමට යම් යාන්ත්‍රණයක්‌ අවශ්‍ය විය හැකිය.

නව අදහස දක්වන්න