ලොකු ලූනු කිලෝවට රු. 80ක මිලක් | දිනමිණ

ලොකු ලූනු කිලෝවට රු. 80ක මිලක්

සුභාෂිණී සේනානායක

හොඳ තත්ත්වයේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 80කට මිල දී ගැනීමට සතොස සූදානම් වෙයි.

ජීවන වියදම් කමිටුව ගත් තීරණයකට අනුව මේ ලුනු තොග මිල දී ගැනීමට සූදානම් බව කර්මාන්ත හා වාණිජ කටුයුතු පිළිබඳ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටී.

ඇමැති රිෂාඩ් බදියුදීන්, සතොස සභාපති රිස්වාන් හමීඩ්, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඒ.එච්.එම්. ෆරාස් මහත්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන් අතර සතොස ප්‍රධාන ශාඛාවේ පෙරේදා (13) පැවැති රැස්වීමක දී අමැමැතිවරයා මේ බව පවසා ඇත.

ලොකු ලූනු අස්වැන්න නෙළමින් තිබෙන මෙම කාලයේ එම ලොකු ලූනු තොග වැඩිවශයෙන් වෙළෙඳපොළට ලැබෙමින් තිබෙන බවත්, මේ නිසා ගොවියාට සාධාරණ මිලක් ලබාදීමට ජීවන වියදම් කමිටුවේ එකඟත්වය ඇතිව, සතොස ආයතනය මැදිහත් වී ලොකුලූනු මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි බදියුදීන් මහතා සඳහන් කළේය.

ඒ අනුව ගොවීන් වෙත ගොස් ලොකු ලූනු අස්වැන්න මිල දී ගැනීමට අදාළ නිලධාරීන්ට මේ වනවිට උපදෙස් ලබා දී ඇත.

නව අදහස දක්වන්න