ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් | දිනමිණ

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක්

සන්ධ්‍යා කරුණාරත්න

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය පර්යේෂණ, නියාමනය, සම්බන්ධීකරණය, අධීක්ෂණය, සංවර්ධනය සහ කළමනාකරණය කිරීම සඳහා ජාතික මට්ටමේ සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට මෙමඟින් ඇමැතිවරයා අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පර්යේෂණ සංස්කෘතිය වැඩිදියුණු කළ යුතු අතර මේ සම්බන්ධයෙන් 2003 වසරේ දී ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතත් එය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත.

නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ උපදෙස් මත සකස් කරන වත්මන් කෙටුම්පතට අනුව මෙම සභාව පත් කරන අතර එහි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 5කි. ඉදිරියේ දී පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට ඇමැතිවරයා බලාපොරොත්තු වේ.

නව අදහස දක්වන්න