විසිතුරු මසුන් වගාවට කාර්යසාධක බළකායක් | දිනමිණ

විසිතුරු මසුන් වගාවට කාර්යසාධක බළකායක්

බුද්ධිකා ඉඹුලාන

ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා විශේෂ කාර්යසාධක බළකායක් පිහිටුවීමට පියවර ගෙන ඇත.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ උපදෙස් පරිදි ස්ථාපිත කෙරෙන මෙම විශේෂ කාර්යසාධක බළකායට විසිතුරු මත්ස්‍ය වගාවේ , විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන්ගේ, විසිතුරු මත්ස්‍ය ආහාර නිෂ්පාදකයන් , ජලජ පැළෑටි වගාකරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්ව ඇතුළත්ය.

ඒ අනුව විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට බලපාන සහ කර්මාන්තයේ නිරත පිරිසට බලපාන ගැටලු සාකච්ඡා කර එම ගැටලු සඳහා ඔවුන් විසින්ම විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම මෙම කාර්යසාධක බළකායට පැවරී ඇත .

එම කාර්යසාධක බළකාය ඉදිරිපත් කරන ගැටලු සහ විසඳුම් යෝජනා පිළිබඳ සලකා බලා අවශ්‍ය විසඳුම් වෙනුවෙන් කටයුතු කිරීමට උපදේශක මණ්ඩලයක් ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිමහතාගේ උපදෙස් පරිදි පත්කර තිබේ.

එම උපදේශක මණ්ඩලය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, සාමාජිකයන් පත් කර ඇති අතර, ඊට අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ (තාක්‍ෂණ) මොන්ටි රණතුංග මහතා , ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් , ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් , ජාතික ධීවර මහා සම්මේලනයේ නියෝජිතයෙක් ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විතය .

නව අදහස දක්වන්න