යුද හමුදා ප්‍රධානීන්ගේ සමුළුවේ හමුදාපතිගේ දෙසුමට උණුසුම් ප්‍රතිචාර | දිනමිණ

යුද හමුදා ප්‍රධානීන්ගේ සමුළුවේ හමුදාපතිගේ දෙසුමට උණුසුම් ප්‍රතිචාර

ඕස්ට්‍රේලියාවේ ඇඩලෙයිඩ් සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය 04 වැනිදා පැවැති 2018- යුද හමුදා ප්‍රධානීන්ගේ සම්මන්ත්‍රණයේ (CALFS) ප්‍රධාන දේශනය සඳහා ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ආරාධනා ලැබ තිබුණි. ඕස්ට්‍රේලියානු යුද හමුදාව විසින් දේශීය හා විදේශීය හවුල්කරුවන් සහභාගි කරවා ගනිමින් මේ සම්මන්ත්‍රණය පවත්වන ලදී.

ඉන්දු-පැසිෆික් කලාපයේ භූමි බලය යෙදවීම තේමාව කර ගත් මේ සම්මන්ත්‍රණය තවත් තේමා හතරක් යටතේ පැවති සැසි හතරකින් සමන්විත විය. ඒ සඳහා ලොව පුරා යුද හමුදා ප්‍රධානීන්, හමුදාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීහු රැසක් සහභාගි වූහ.

මෙහිදී ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට ඕස්ට්‍රේලියාව, ජපානය, පිලිපීනය හමුදාපතිවරුන්, එක්සත් ජනපද හමුදා පැසිපික් අණ දෙන නිලධාරී , ඉන්දියාවේ යුද හමුදා උප ප්‍රධානී සහ එක්සත් රාජධානියේ අධ්‍යක්ෂ සමඟ කටයුතු කිරීමේ අවස්ථාව ද හිමි විය.

ඉන්දු-පැසිෆික් කලාපය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සිදු කළ යුද හමුදාපතිවරයාගේ ප්‍රධාන දේශනයට සහභාගිවූවන්ගේ උණුසුම් ප්‍රතිචාර හිමි විය.

CALFS සැසිවාරය සඳහා විශාලතම අන්තර්ජාතික නියෝජනය දක්නට ලැබුණි. එහිදී සහභාගිකරුවන්ගේ සාමූහික දැනුම හා අත්දැකීම් මත පදනම් වූ සාකච්ඡා හා අන්තර්ක්‍රියාකාරිත්වය උපයෝගී කරගත් අතර ගෞරවනීය හා ඵලදායී විවාදයක්ද ඇති විය.


නව අදහස දක්වන්න