මුරුන්කන්හි ස්ථාන දෙකකින් පුපුරන ද්‍රව්‍ය රැසක් මතුවෙයි | දිනමිණ

මුරුන්කන්හි ස්ථාන දෙකකින් පුපුරන ද්‍රව්‍ය රැසක් මතුවෙයි

මන්නාරම මුරුන්කන් පොලිස් වසමේ නරිවිලකුලම් හා සෙම්මන්තීව් යන ස්ථාන දෙකක තිබී පෙරේදා (15) බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් මුරුන්කන් පොලිසිය මගින් සොයාගෙන තිබේ.

මෙහිදී නරිවිලකුලම් කඹුරක තිබී එම් 75 වර්ගයේ බෝම්බ 02 ක් හා සෙම්මන්තිව් පාළු ලිඳක තිබී මි.මි. 81 මෝටාර් උණ්ඩ 03 ක්, මි.මි.81 පැරා මෝටාර් 09 ක්, මි.මි.60 මෝටාර් උණ්ඩ 13 ක්, ආර්.පී.ජී. උණ්ඩ 02 ක්, මි.මි. 40 එම්.ජී.එල් උණ්ඩ 19 ක්, ටී.වයි.පි.ඊ. 82 බෝම්බ 05 ක්, කේ 400 අත්බෝම්බ 16 ක් සහ එස්.එෆ්.ජී. 87 අත්බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

මුරුන්කන් පෙලිසිය වෙත ලැබුණු පුද්ගල තොරතුරක් අනුව සිදුකල සොයා බැලීමේදී මෙම යුද උපකරණ සොයා ගැණීමට හැකිවූ බව මුරුන්කන් පොලසිය පැවසීය. සොයාගන්නා ලද මෙම යුධ උපකරණ කලකට ඉහත කොටි සාමාජියින් විසින් සඟවන ලද ඒවා වන්නට ඇතැයි පොලිසිය විශ්වාසය පල කරයි. වවුනියාව විශේෂ පොලිස් කාර්ය බලකා සාමාජිකයින්ගේද සහය ඇතිව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක්ද සහිතව 15 දින ගොඩගන්නා ලද මෙම යුද උපකරණ මුරුන්කන් යෝධ වැව ඉස්මත්තේ පිහිටි ජන ශූණ්‍ය ප්‍රදේශයකදී 15 දන සවස ක්‍රියා විරහිත කොට පුපුරවා හැරීමට කටයුතු කල බවද මුරුන්කන් පොලිසිය සඳහන් කරයි.

මුරුන්කන් පොල්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩේමියන් පෙරේරා , පාලන අංශ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ආර්.බී. රත්නායක යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් මෙම මෙහෙයුමට එක්ව තිබේ. මුරුන්කන් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.

මීට පෙර ගෙවි ගිය සතියේද මුරුන්කන් ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ලිඳක් තුල තිබී බෝම්බ ඇතුළු යුද උපකරන රැසක් මුරුන්කන් පොලිසිය මගින් සොයාගෙන තිබිනි.

 වවුනියාව උතුර සමූහ - බන්දුල සෙනෙවිරත්න

නව අදහස දක්වන්න