‘‘මැන්කුට්’’ චීනයත් පෙරළයි | දිනමිණ

‘‘මැන්කුට්’’ චීනයත් පෙරළයි

පිලිපීනයේ 64 දෙනෙකුට මරු කැඳවූ මැන්කුට් සුපිරි චන්ඩ මාරුතය මේ වනවිට දකුණු චීනයට කඩාවැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සුළි කුණාටුවෙන් දෙදෙනෙකු මියගොස් 210 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

ලක්ෂ 20 කට අධික පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත්කර තිබේ.

පැයට කිලෝමීටර 162 ක වේගයෙන් හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට දකුණු චීනයේ ගුවන් ගමන් ඇතුලූ ගමනාගමන කටයුතු අඩාල වී ඇත.

මින් වැඩිම හානිය සිදුව ඇත්තේ දකුණු චීනයේ ග්වන්ඩොන් ප්‍රාන්තයට වන අතර, 2018 වසරේ හමාගිය විශාලතම සුළි කුණාටුව මෙය වේ.

නව අදහස දක්වන්න