මානව සංවර්ධන දර්ශකය - ආසියාවෙන් ලංකාව ඉදිරියට | දිනමිණ

මානව සංවර්ධන දර්ශකය - ආසියාවෙන් ලංකාව ඉදිරියට

එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ ප්‍රමුඛස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
 
රටවල් 189 ක් අතරින් ශ්‍රී ලංකාවට 76 වැනි ස්ථානය හිමිව තිබෙන අතර ලංකාව හැරුණු කොට දකුණු ආසියාතික රටක් ලෙසට මාලදිවයිනට හිමිව ඇත්තේ 101 ක් වන ස්ථානයයි.
 
ඉන්දියාව එහි 130 වන ස්ථානයටත්, භූතානය 134 වන ස්ථානයටත්, බංග්ලාදේශය 136 වන ස්ථානයටත්, නම් කර ඇති අතර, නේපාලයට 149 වන ස්ථානයත්, පාකිස්තානයට 150 වන ස්ථානයත් හිමිව ඇත.
 
මානව සංවර්ධන දර්ශකයේ ප්‍රමුඛස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමිව ඇති අතර, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය සහ ජර්මනිය එහි අනෙක් මුල් පෙළ රටවල් වේ.
 
1990 සිට 2017 දක්වා ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය 23.2 % ක් මෙම දර්ශකය මගින් සෞඛ්‍ය, අධ්‍යාපනය මෙන්ම ආදායම සම්බන්ධයෙන් ජාතික මට්ටමින් ළඟා කර ගත් ඉලක්කයන් ඇගයීමට ලක්කරනු ඇත.
 
එමගින් සදහන් කර ඇති පරිදි 1990 සිට 2017 දක්වා ශ්‍රී ලංකාවේ උපත්වලදී ජීවිත අපේක්ෂාව වසර 06 කින් ඉහළ යාමද විශේෂත්වයක් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් නිකුත් කර ඇති මෙම දර්ශකයේ දැක්වේ.

අදහස් 1ක් ඇත

ඩොලරය 166 පනී

නව අදහස දක්වන්න