රුසියානු ගුවන් යානයක් සිරියාවේදී අතුරුදන් | දිනමිණ

රුසියානු ගුවන් යානයක් සිරියාවේදී අතුරුදන්

රුසියානු හමුදාවට අයත් ගුවන් යානයක් සිරියාවට ඉහළ අහසේ පියාසර කරමින් සිටියදී රේඩාර් සංඥාවලින් අතුරුදන් වී තිබෙන බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරනු ලැබේ.
 
රුසියාන අයි.අයි. 20 ගුවන්යානය සිරියාවට කිලෝමීටර් 35 ක් දුරින් මධ්‍යධරනී මුහුදේ ඉහළ අහසේ පියාසර කරමින් සිට තිබේ. එම ගුවන්යානයේ හමුදා භටයින් 05 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ගමන් කරමින් සිටි බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.
 
මෙම ගුවන්යානය ලටෙකියා නගරයේ සිට හෙමයිමිම් හමුදා ගුවන් කදවුර වෙත පියාසර කරමින් තිබුණි.
 
ගුවන් යානය සොයා පරීක්ෂණ අරඹා ඇති බව රුසියා ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේය.
 
සිරියාව විසින් ඊශ්‍රාලයේ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින අවස්ථාවකදී මෙලෙස යානය අතුරුදන් වී ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිරියා රජය කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව බීබීසී පුවත් සෙවය වාර්තා කර ඇත.

නව අදහස දක්වන්න