‘භූතයා’ පාලමෙන් වැටී එකෙක් අත පය කඩාගෙන | දිනමිණ

‘භූතයා’ පාලමෙන් වැටී එකෙක් අත පය කඩාගෙන

අනුරාධපුර පාලාඩිකුලම පාලම මතදී ඊයේ උදෑසන ( 18) ගොයම් කපන යන්ත්‍රයක් (භූතයා ලෙස හදුන්වන)පෙරළි එහි රියදුරු බරපතල තුවාල ලබා අනූනවයෙන් දිවි ගලවාගෙන ඇත.

මෙම පාලම ඉතා පැරැණි පාලමක් වන අතර එය පිහිටා ඇත්තේ ෂිග් ෂැග් ආකාරයටය.ඒ හේතුවෙන් පාලම ගැන තතු නොදන්නා බොහෝ දෙනෙකු මෙහිදී අනතුරට පත්වෙති.මෙම පාලම සහිත මාර්ගය නාච්චාදූව ප්‍රදේශයේ සිට පැරැණි නුවර මාර්ගයට ගමන් කළ හැකි කෙටිම මාර්ගයයි.එම නිසා මෙම මාර්ගය දිවා කාළයේ මෙන්ම රාත්‍රී කාළයේද භාවිත කරනු ලබන පිරිස අධිකය.

අද සිදුවුයේ මෙම පාලම මත සිදුවූ 09 වන අනතුර වන අතර මීට පෙර සිදුවූ අනතුරු වලින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.ඇදි වැටක්වත් නොමැති ‍ෙමය ඉතා පටුය.මෙම පාලම පිලිසකර කර දී මෙම විටින් විට සිදු වන අනතුරු වලක්වාගෙන මිනිස් ජීවිත බේරා දෙන ලෙස ප්‍රෙද්ශවාසීන් විසින් බොහෝ විටකදීම අදාළ බලධාරීන් දැනුවත් කර ඇතත් එය තවමත් ඡන්ද පොරොන්දුවක් බවට පත් වී ඇත.

අනතුරු බහුල මෙම පාලම අසල විදුලි එළියක් හෝ දැල්වීමට ප්‍රාෙද්ශීය සභාව පවා අසමත් වී ඇත.

ජනපතිතුමනි ඔබ තුමාගේවත් දෑස් යොමු කොට මෙම අනතුරු බහුල පාලම තවත් බිල්ලක් ගැනීමට පෙර පිළිසකර කර දෙන ලෙස ප්‍රෙද්ශවාසීන් ආයාචනාත්මකව ඉල්ලා සිටියි.

හීදෝගම සමුහ


නව අදහස දක්වන්න

Or log in with...