එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ කාන්තාවන්ට ණය සහන | දිනමිණ

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ කාන්තාවන්ට ණය සහන

V2025 පොහොසත් රටක් බවට පත් කිරීමේ අරමුණින් යහපාලන ආණ්ඩුවේ 2017 අයවැයෙන් යෝජනා වූ පරිදි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කාන්තාවන් වෙනුවෙන් ණය සහන ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා දිම සිදු කෙරේ. ව්‍යාපාර ලෝකයේ කාන්තා බලය නංවන්න ආණ්ඩුවෙන් ලබා දෙන මෙම ණය යෝජනා ක්‍රමයේ දී ණය වාරිකයෙන් 85% ක්ම ගෙවනු ලබන්නේ ආණ්ඩුව විසිනි. බහුතර කාන්තා නියෝජනයෙන් යුත් අවම වශයෙන් 5 දෙනෙකු හවුල් වී අරඹන ව්‍යාපාර සමාගම් සඳහා සහන රැසක් ලබා දීම ද සිදු කෙරෙන අතර සමාගම් පිහිටුවීමට සහ ගිණුම් පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් සහ සහය ලබා දීම හා වෙළඳපොළ ප්‍රවේශය සඳහා ද ආධාර ලබා දීම සිදු කෙරේ. ලංකා බැංකුව , මහජන බැංකුව , හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් Enterprise Sri Laka සබඳතා නිලධාරීන් හමුවීමෙන් මේ සඳහා අවශ්‍ය කටයුතු සිදු කැර ගත හැක. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය , රාජ්‍ය ව්‍යවසායක හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යංශය එක්ව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරයි.

නව අදහස දක්වන්න