මරුවාට අත වනන අනාරක්ෂිත දුම්රිය මාර්ග | දිනමිණ

මරුවාට අත වනන අනාරක්ෂිත දුම්රිය මාර්ග

විජයානි එදිරිසිංහ

වසරකට දුම්රිය අනතුරු පන්සියයකට වැඩි ප්‍රමාණයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙන අතර මේවායින් වැඩි ප්‍රමාණයක් දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරිමේදි සිදු වන ඒවා වෙයි. පෙරේදා ඕමන්තේ ප්‍රදේශයේදීද සිදු වුයේ එවැනිම භයානක දුම්රිය අනතුරක් වෙයි. මේ ආකාරයෙන් සිදු වන දුම්රිය හරස් මාර්ග අනතුර විශාල වශයෙන් සිදු වීමට හේතු වි ඇත්තේ මේ වන විට දුම්රිය හරස් මාර්ග හරහා ආරක්ෂක බාධකයක් යොදා නොතිබීමයි. විශේෂයෙන් කොළඹ හා වෙනත් ප්‍රධාන නගර ආශ්‍රිතව දුම්රිය හරස් මාර්ග හරහා දුම්රිය ආරක්ෂක බාධක යොදා තිබුණත් විදුලියෙන් ක්‍රියාත්මක වන ස්වයංක්‍රිය දුම්රිය මාර්ග සාංඥා පද්ධති ක්‍රියාත්මක වුවත් එම ප්‍රධාන දුම්රිය මාරග ගම්බිම් පසු කර ගෙන ගම්බද ප්‍රදේශ හරහා ගමන් කරද්දි එම දුම්රිය හරස් මාර්ග හරහා දුම්රිය ආරක්ෂක බාධක තිබේ නම් ඒ සුළු ප්‍රමාණයක් පමණි ඒවාද මේ වන අක්‍රිය වි ඇත.

රුපියල් කෝටි ගණනක මුදලක් වෙන්කර තිබියදීත් දුම්රිය දෙපාර්තමේන්තුව එම මුදලින් අනාරක්ෂිත දුම්රිය හරස් පාරවල්වලට දුම්රිය ආරක්ෂක වැට දැමීම අතහැර දමා එම මුදල වෙනත් කර්තව්‍යයකට යොදා තිබුණේ මිට වසර ගණනාවකට පෙරය. එම මුදලින් මේ රටේ පන්සියයකට වැඩි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂක වැට එදා යෙදෙව්වානම් අද වන විට එම මාර්ග හරහා සිදුවන අනතුරු සියයට සියයකින් වළක්වා ගැනීමට හැකියාව තිබු බව කිව හැකිය.

දුම්රිය අනතුරු ගැන කතා කරද්දී විවිධ ආකාරයෙන් අනතුරු විශාල වශයෙන් සිදුවෙයි. ස්වාභාවික හේතුවක් මත යම් අනතුරක් සිදු වෙයි නම් ඒ ඉතාමත් අහඹු සිදුවීමක් වන අතර නිරතුරුවම සිදුවන අනතුරු හා සම්බන්ධ වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හා සම්බන්ධ වු ඒවා බව කිව යුතුමය විශේෂයෙන් නොසැළකිලිමත් භාවය මෙන්ම අපරික්ෂාකාරි භාවයද මේ අනතුරු සිදු විමට හේතු වී ඇත.

වසරකට දුම්රිය අනතුරු පන්සියයකට වැඩි ප්‍රමාණයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙන අතර මේවායින් වැඩි ප්‍රමාණයක් දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරිමේදි සිදු වන ඒවා වෙයි. පෙරේදා ඕමන්තේ ප්‍රදේශයේදීද සිදු වුයේ එවැනිම භයානක දුම්රිය අනතුරක් වෙයි. මේ ආකාරයෙන් සිදු වන දුම්රිය හරස් මාර්ග අනතුර විශාල වශයෙන් සිදු වීමට හේතු වි ඇත්තේ මේ වන විට දුම්රිය හරස් මාර්ග හරහා ආරක්ෂක බාධකයක් යොදා නොතිබිම විශේෂයෙන් කොළඹ හා වෙනත් ප්‍රධාන නගර ආශ්‍රිතව දුම්රිය හරස් මාර්ග හරහා දුම්රිය ආරක්ෂක බාධක යොදා තිබුණත් විදුලියෙන් ක්‍රියාත්මක වන ස්වයංක්‍රිය දුම්රිය මාර්ග සාංඥා පද්ධති ක්‍රියාත්මක වුවත් එම ප්‍රධාන දුම්රිය මාරග ගම්බිම් පසු කර ගෙන ගම්බද ප්‍රදේශ හරහා ගමන් කරද්දි එමW දුම්රිය හරස් මාර්ග හරහා දුම්රිය ආරක්ෂක බාධක තිබේ නම් ඒ සුළු ප්‍රමාණයක් පමණි ඒවාද මේ වන අක්‍රිය වි ඇත.කෙසේ වෙතත් මේ දුම්රිය හරස් මාර්ග හරහා ආරක්ෂක බාධක යෙදිමේ ක්‍රියාවලිය මිට වසර විසිපහක පමණ ඈත අතිතයක් දක්වා දිව යයි.

ඒ අනූව දශකයේ රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති වු කාලයයි එවකට මේ රටේ දරුණු යුද්ධයක් පැවැති යුගය වෙයි. රටේ ආර්ථික ප්‍රශ්නද බොහෝ තිබු යුගයක් විය. යුද්ධයට විශාල වශයෙන් ධනය වියදම් කිරිමට වු යුගයකි. මේ වකවානුව වන විට රටේ සංවර්ධනය සිදු වුවත් ඒ සඳහා මුදල් යෙදවිමට සිදු වුයේද ඉතාමත් කල්පනාකාරිවය. මේ යුගයේදීද වර්තමානයේ සිදු වු ආකාරයේ දරුණු දුම්රිය අනතුරු ගණනාවක් සිදුවිය එම අනතුරු සිදු වුයේද දුම්රිය හරස් මාර්ග හරහා ආරක්ෂක මාර්ග බාධක නොතිබු නිසාවෙනි. තලාව සාමාජිකයන් හය දෙනකු බිළිගත් දුම්රිය අනතුර මෙන්ම තවත් එවැනිම වටිනා මිනිස් ජීවිත බිලිගත් අතිශය දරුණු මාරක දුම්රිය අනතුරු ගණනාවක් සිදු විය මේ යුගයෙදී එම දුම්රිය අනතුරු වැළැක්වීමට කළ හැකි දෙයක් වෙයි නම් ඒ එම දුර ඇත ප්‍රදේශවල පිහිටි දුම්රිය හරස් මාර්ගවලටද දුම්රිය සංඥා පද්ධතියක් සිවිකිරීම වෙයි එහෙත් රට පුරා ඒආකාරයෙන් දුම්රිය මාර්ගවලට විදුලි දුම්රිය මාර්ග සංඥා පද්ධති සවිකිරීම පහසු කර්තව්‍යයක් නොවීය එය විශාල වශයෙන් මුදල් වැය වන ක්‍රියාවලියක් වෙයි. එවන් වු යුද්ධයක්ද පැවැති යුගයකදී කෝටි ගණනක් මුදල් ඒ සඳහා යොදවන්නේ කෙසේද එම නිසාම එවකට මෙරට හිටපු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් උණ බම්බුවලින් දුම්රිය හරස් මාර්ග යොදා එම ස්ථානවලට එය ක්‍රියාත්මක කිරීරිමට පුද්ගලයකුද යෙදවීමට තීරණය කරනු ලැබිණි. එසේ පුද්ගලයකු යෙදවීමෙන් එම ගම්මානවලින් තොරාගත් පුද්ගලයකුට යම්කිසි ආකාරයක වැටුපක් සමඟ රැකියාවක්ද ලැබෙන බැවින් වැඩි කාලයක් යාමට පෙර එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රණසිහ ප්‍රේමදාස ජනාධිපතිවරයා තිරණය කළේය.

ඒ අනුව උණබම්බු දුම්රිය හරස් මාර්ග දැම්ම ආරම්භ විය මේ ආකාරයෙන් ආරම්භ වු උණබම්බු දුම්රිය ආරක්ෂක මාර්ග බාධක ක්‍රියාවලිය හරහා දිවයින පුරාම තිබු දුම්රිය හරස් මාර්ග පන්සියයකට පමණ මෙසේ එම ආරක්ෂිත මාර්ග බාධක යොදනු ලැබිණි. මාසික චේතනයක්ද සමඟ මොවුන්ට රැකියාවක්ද හිමි විය. මේ ආකාරයෙන් එම දුම්රිය මාර්ග බාධක යෙදු ගම්මානවල පිරිමි අයට හිමි වු රැකියාවත් සමඟ දිනපතා මාරුවෙන් මාරුවට දෙදෙනකු සේවයේ යොදනු ලැබිණි.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ එම සංකල්පය ක්‍රියාවට නැංවිමෙන් පසු එම භයානක දුම්රිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සිදු වෙමින් පැවැති දුම්රිය අනතුරු සියයට සියයකින් අඩු වී ගොස් එම ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිදු විය.

මේ ආකාරයෙන් උණ බම්බු දුම්රිය හරස් මාර්ග ආරක්ෂක මාර්ග බාධකය කිසිදු ගැටලුවක් නොමැතිව වසර විස්සකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වෙද්දී එම මාර්ග බාධකවල සේවය කරන සේවකයන් විසින් ගැටලුක් ඇති කරන ලද්දේ ඔවුන් විසින් කරන සේවයට ලබන වැටුප ප්‍රමාණවත් නොමැති බවයි ඔවුන්ට ඒ ආකාරයෙන් ගැටලුවක් ඇතිකර ඊට විරුද්ධ වි වැඩි වැටුපක් ඉල්ලන ලෙස බල කර තිබුණේ ඔවුන් පිටුපස සිට ඔවුන්ව ඒ සඳහා පෙළඔවු එක්තරා දේශපාලන පක්ෂයක පිරිසක් විසින්ය. ඒ බවට තොරතුරු හෙළිදරව් වුයේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන්මය. මේ ආකාරයෙන් වැඩි වැටුපක් ඉල්ලා වර්ජනයක යෙදුන මේ සේවක පිරිස ක්‍රමයෙන් එම සේවයෙන් ඉවත්ව යන්නට පටන් ගත්හ. දුම්රිය දෙපාර්තමේන්තු බලධාරින්ද මේ ගැටලුව විසදීමට කිසිදු පියවරක් නොගෙන මේවනවිට බොහෝ කාලයක් ගත වි ඇත. මේ ආකාරයෙන් කිසිදු ආරක්ෂාවක් නොමැතිව අතහැර දමන ලද දුම්රිය හරස් මාර්ග හරහා සිදුවෙන අනතුරු ප්‍රමාණය මේ වන විට ඉහල යමින් පවති. දැනට එම දුම්රිය හරස් මාර්ග වලින් මාර්ග බාධකයක් නොමැති බව දැනනොගෙන වාහන ධාවනය කිරිම නිසා මේ වන විට පනහකට වැඩි පිරිසක් දුම්රියට බිළි වී ඇත. මිට දින දෙකකට පෙර ඕමන්ත දුම්රියහරස් මාර්ගය අසලදිද සිවු දෙනකු බිළි ගත්තේද මෙසේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය නිසාය. මේ ආකාරයෙන් සිදු වු අනතුරු අතර වැල්ලව දුම්රිය හරස් මාර්ගය අසලදි මවක් සිය දරුදෙදෙනා සමඟ යතුරු පැදියකින් ගමන් ගන්නා අවස්ථාවේ ඉතාමත් අවාසනාවන්ත ලෙස දුම්රිය ගොදුරු විය .මේ වන විට මේ හරස් මාර්ග අසල ඇති අනාරක්ෂිත භාවයෙන් ජනතාව බේරා ගැනීමට කටයුතු කරන්නේ එම දුම්රිය හරස් මාර්ගය අසල සිටින ත්‍රිරෝද රථ රියදුරන් කඩ සාප්පු හිමියන් හෝ දුම්රිය ස්ථානයක් ඒ අසල ඇති නම් එහි සේවකයකු විසින්ය. මේ ආකාරයෙන් මෙසේ කටයුතු සිදු වෙද්දී ඇතැම් දුම්රිය හරස් මාර්ග අසල පෞද්ගලික වෙළද ව්‍යාපාර මඟින් එම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු බව සඳහන් විශාල දැන්වීම් පුවරුද ඇතැම් දුරස්ථ ගම්බද ප්‍රදේශවල සවිකර ඇති බව දක්නට ලැබෙයි.

කෙසේ වෙතත් තවදුරටත් දුම්රිය අනාරක්ෂිත හරස් මාර්ගවලට කුමක් හෝ ආරක්ෂිත ක්‍රමයක් නොයොදා සිටියහොත් දැනට සිදුවන අනතුරු වළක්වා ගැනීමට වෙනත් ක්‍රමයක් නොමැති බවද කිව යුතු වෙයි. ඒ තරමටම දුම්රිය ආනාරක්ෂිත හරස් මාර්ගවලට බිළිවන ජිවිත සංඛ්‍යාව කොයි තරම් විය හැකි යැයිද කිව නොහැකි වන්නේ මේ හරස් මාර්ග හරහා යන එන පුද්ගල සංඛ්‍යාව බොහෝය.

කොළඹ කොටුවේ සිට උතුරට දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගයේ මෙවැනි අනාරක්ෂිත දුම්රිය හරස් පාරවල් ගණනාවක් ඇත. මහනුවර හරහා බදුල්ල දක්වා දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගයේද දකුණ බලා යන දුම්රිය මාර්ගයේද සහ පුත්තලම දෙසට දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගයද ඇතුළත්ව සියලු දුම්රිය මාර්ගවල මේ ආකාරයෙන් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ඇති බව කිව යුතුය.

කුරුණැගල නයිලිය අධිවේගි මාර්ගය ඉදිවෙන ස්ථානය ආසන්නයේ මෙවැනි දුම්රිය හරස් මාර්ග දෙකක් පිහිටා ඇති අතර එම දුම්රිය හරස් මාර්ග දෙක පිහිටා ඇත්තේ ප්‍රධාන වංගු දෙකක් සහිතවය මේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි එම වංගු නිසා ඇතින් දුම්රිය එනු කෙසේවත් නොපෙනේ. විශේෂයෙන් නගරාන්තර දුම්රිය මේ හරහා වේගයෙන් දිවෙන අතර මේ වන විට සිදුවීමට ගිය දුම්රිය අනතුරු ගණනාවක් බේරා ගැනීමට හැකි වි ඇත්තේ එම ස්ථානයේ සිටින ත්‍රිරෝද රථ හිමියන් සහ අවට පදිංචි කරුවන්එම ස්ථානයේ ගැවසෙන නිසාය. කෙසේ වුවත් මේ ස්ථානවලින් දිනකට ගම්මාන ගණනාවකට යන පාසල් බස් රථ ත්‍රිරෝද රථ ඇතුළු කුඩා වාහන විශාල ප්‍රමාණයක්ද දිවා රාත්‍රි නොතකා එහා මෙහා යයි මේ ආකාරයෙන් මෙවැනිම අනාරක්ෂිත දිනපතා මිනිසුන් සිය ගණනක් එහා මෙහා යන දුම්රිය හරස් මාර්ග ඉතාමත් අනාරක්ෂිතව තිබේ.මේවා සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ වන විට පැමිණිලි සිය දහස් ගණනක් ලැබි ඇතත් එම ඒවා විසදීමට කිසිදු පියවරක් ගෙන නොමැත.

මේ ස්ථානවලට විදුලි මාර්ග සාඥා පද්ධති පෙර සේ යම් පුද්ගලයකු හෝ යොදා ස්ථිිර ආරක්ෂක වැටවල් යෙදීමේ අවශ්‍යතාවය ඉතාමත් කඩිනමින් සිදු කළ යුතු දෙයක් බවට පත්වී ඇත.

මේ අතර මේ අනාරක්ෂිත දුම්රිය මාර්ගවලදී ජිවිත හානි වෙන්නේ මිනිස් ජිවිත පමණක් නොවේ විශේෂයෙන් අලි දුම්රිය ගැටීමෙන් පසුගිය වසර තුළ පමණක් අලි දෙසියක පම්ණ පිරිසක් මිය ගොස් ඇත. එපමණක් නොව ඊයේ දිනද අනුරාධපුර ප්‍රදේශයේදි එසේ කොළඹ සිට එනම් කොලොන්නාවේ සිට මඩකළපුව බලා ගිය ඉන්ධන රැගත් දුම්රියක ගැටිමේන් අලි තිදෙනකුගේ ජිවිත අහිමි වී ඇත. මේ ආකාරයෙන් අලි එහා මෙහා යන මාර්ගවල ආරක්ෂිත වැටක් යෙදීම කළ නොහැකි වුවත් ඒ සඳහා වෙනත් ආරක්ෂක විධි විධානක් යෙදිය හැකි ක්‍රමයක් කෙසේ හෝ දුම්රිය දෙපාර්තමේන්තුවට අනුගමනය කළ හැකි වෙයි. පිට රටවල නම් මේ සඳහා විදුලි වැට අලි එහා මෙහා යන ස්ථානවලින් යොදා ඇත . එසේත් නොමැති නම් දුම්රිය එම ස්ථාන පසු කරන විට විදුලි දුම්රිය සාඥා පද්ධති ක්‍රියාත්මක වෙයි. එසේ නොවුනහොත් මේ ආකාරයෙන් වල් අලි සම්පත දුම්රියටම ගැටී විනාශ වී යනු ඇත. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ ආකාරයෙන් ස්වයංක්‍රිිය සාංඥා පද්ධති සවි කිරීමට තරම් මුදල් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති බවයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ නාස්තිකාර වියදම් අඩු කළ හොත් සමස්ත රටම ආවරණයවන පරිදි සියලුම අනාරක්ෂිත දුමිරිය හරස් මාර්ග පමණක් නොව මේ ආකාරයෙන් අනතුරු දායක ලෙස පවතින වෙනත් සතුන් මාරුවන ස්ථානවලටද යම්කිසි අනතුරුදායක තත්ත්වයට යම් ක්‍රියාවලියක් අනුගමනය කළ හැකි බවයි.


නව අදහස දක්වන්න

Or log in with...