කිරිපිටි මිල අඩුකිරීම සතියකින් | දිනමිණ

කිරිපිටි මිල අඩුකිරීම සතියකින්

කිරිපිටි මිල අඩු කිරීම සඳහා ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සතියක පමණ කාලයක් ගත වන බව වාර්ථා වේ.

ආනයනික කිලෝ එකක කිරිපිටි පැකට් එකක මිල රුපියල් 25 කින් ද , ග්‍රෑම් 400 පැකට්ටුවේ මිල රුපියල් 10 කින් ද අඩු කළ යුතු බවට ජීවන වියදම් කමිටුව මඟින් නිකුත් කර තිබෙන නිර්දේශය පාරිභෝගික අධිකාරියට ඉදිරිපත් කෙරේ.

එහි පාරිභෝගික සභාව මඟින් ආනයනකරුවන් ද සහභාගී කරවාගෙන ජාත්‍යන්තර මිල ගණන් අනුව එම නිර්දේශයන් විමර්ශනය සිදු කරයි. එහිදී එම මිල ගණන් සහිත නිර්දේශය පිළිගත හැකි නම් ගැසට් මඟින් මිල සනාථ කිරීම සිදු කරන අතර ඉන්පසුව මිල නියමයන් ක්‍රියාත්මක වීම සිදු වේ.

මෙම ක්‍රියාදාමය සඳහා සතියක පමණ කාලයක් ගත වන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ගෑස් මිල වැඩි කිරීම සඳහා ද ඇමැති මණ්ඩල නිර්දේශ සනාථ කිරීමෙන් පසු ඒවා පාරිභෝගික අධිකාරියට ලැබීණු විට අදාළ ආනයනකරුවන්ට මිල වැඩි කිරීම සඳහා අනුමැතිය දැනුම් දීම සිදු කරන අතර ඒ සඳහා ද සතියක් පමණ කාලය ගත වනු ඇත.

නව අදහස දක්වන්න